Grand Theft Auto 6 (GTA 6) කියන්නේ ලෝකයේ තියෙන ඕනෑම මූවී එකකට හෝ ගේම් එකකට වඩා ලොකු වෙනම level එකක status එකක් තියන cinematic gaming experience එකක්. මීට කලින් Rockstar සමාගම නොවැම්බර් 19 වෙනිදා GTA 6 release කරන බව තහවුරු කිරීමත් සමඟ, සෙනසුරාදා(21) වෙනත් ගේම් publishersලා එයලාගේ release dates වෙනස් කරගත්ත හැටි ඔයාලා දකින්න ඇතිනේ.
දැන් Rockstar සමාගම නැවතත් මුළු gaming field එකම හොල්ලන අමුතුම වැඩකට ලෑස්ති වෙනවා. ඒ තමයි එයාලා පලවෙනි "Grand Theft Auto 6: Extended Gameplay" එක YouTube එකට කලින් Netflix හරහා premiere කරන්න අරගෙන තියන තීරණය.
අගෝස්තු 27 වෙනිදා හවස 3:00 ට (EST) (12:30 AM IST) GTA 6 හි කුතුහලය පිරුණු Extended Gameplay video එක මුලින්ම release වෙන්නේ Netflix හරහායි. ඊට පස්සේ පැය 6කට පස්සේ තමා, ඒ කියන්නේ රෑ 9:00 ට (EST) (6:30 AM IST) තමයි Rockstar සමාගමේ Official YouTube channel එකට සහ social media වලට publish කරන්නේ.
සාමාන්‍යයෙන් game trailer එකක් ආපු ගමන් කරන්නේ YouTube එකේ Trend වෙන එක, Streamers ලා ඒක බලලා සහ Clip කරලා Social Media පුරා පැතිරවීමයි. හැබැයි Rockstar මේ පාර කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
ගොඩක් අය හිතන්නේ Rockstar සමාගම Netflix පාවිච්චි කරන්නේ games ගහන්නේ නැති සාමාන්‍ය ජනතාව (Casual Audience/Normies) අතරට GTA 6 ගෙනියන්න කියලා. හැබැයි ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදියි.
GTA කියන්නේ අමුතුවෙන් මිනිස්සුන්ට කියලා දෙන්න ඕන ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි මොකද decades ගානක ඉදන් මෙයලාගේ games play කරපු අය ඉන්නවා. GTA කියන්නේ gaming කියන සීමාවෙන් එහාට ගිය ලෝකේ තියෙන විශාලතම Entertainment Brand එකක්.
Netflix සමාගම සෑහෙන කාලයක සිට Gaming පැත්තට එන්න උත්සාහ කළත්, ඔවුන්ට ලැබුණේ මන්දගාමී ප්‍රතිචාරයක්. හැබැයි ලෝකයේ ලොකුම ගේම් එකේ පලවෙනි extended look තමන්ගේ Platform එක හරහා නිකුත් වීමෙන් Netflix එකටත් gaming ක්ෂේත්‍රය ඇතුළේ ලොකු නමක් සහ ප්‍රචාරයක් ලැබෙනවා.
මේක නිකන්ම නිකන් Marketing පාරක් නෙවෙයි. Rockstar සමාගම කරන්නේ "අපි තමා ලෝකයේ ලොකුම Entertainment එක" කියලා ලෝකෙටම පෙන්නන එකයි. අගෝස්තු 27 වෙනිදා Netflix එකෙන් පටන් අරන්, පැය 6කට පස්සේ YouTube එකට එන මේ Gameplay එක නිසා මුළු Social Media එකම ආයෙත් පිස්සු වට්ටන එක නම් sure!. ඔයාලා මේ ගැන මොකද හිතන්නේ කියලා පහලින් comment එකක් දාන්න.