වීඩියෝ ගේම්ස් පයිරේට් කරන ලෝකයේ නම ඇසූ පමණින් ඕනෑම කෙනෙක් දන්නා නමක් තමයි Empress. ඇයව හඳුන්වන්නේ ඉතිහාසයේ බිහිවුණු දක්ෂතම සහ ඒ වගේම අමුතුම හැකර්වරිය විදිහටයි. ඇයගේ මේ ගමන වීරකම්වලින් වගේම විනාශකාරී මතවාදවලිනුත් පිරිලා තියෙනවා.
2014 දී හඳුන්වා දුන්න Denuvo system එක නිසා ගේම්ස් පයිරේට් කරන එක නතර වුණා කිව්වොත් නිවැරදියි. 3DM වගේ ලොකු හැකර් කණ්ඩායම් පවා "තව අවුරුදු දෙකකින් ලෝකයේ නිකන් play කරන්න ගේම්ස් ඉතිරි වෙන්නේ නැහැ" කියලා අතහැරලා දාපු වෙලාවක තමයි Empress ගේ ආගමනය සිද්ධ වෙන්නේ.
සාමාන්‍යයෙන් ගේම්ස් ක්‍රැක් කරන්නේ කණ්ඩායම් විදිහට වුණත්, Empress කළේ තනිවම සටන් කරන එකයි. Planet Zoo, Resident Evil Village වගේ දැවැන්ත ගේම්ස් ඇය තනිවම ක්‍රැක් කළා. විශේෂයෙන්ම Resident Evil Village ගේම් එකේ තිබුණු "lagging" ප්‍රශ්නය Empressගේ ක්‍රැක් එකෙන් solve වුන නිසා ඇය ගැන ලොකු ගෞරවයක් ඇති වුණා.
ඇයගේ දක්ෂතාවයට වඩා ඇයගේ පෞරුෂය ගොඩක් අයට ප්‍රශ්නයක් වුණා. ඇය තමන්ව "දෙවියෙක්" විදිහට හඳුන්වා ගත්තා.
2021 දී ඇය පණිවිඩයක් දාමින් කිව්වේ තමන්ගේ ලිපිනය හෙළි වී ඇති බවත්, බල්ගේරියානු පොලිසිය තමන්ව අත්අඩංගුවට ගැනීමට එන බවත්ය. හැමෝම හිතුවේ ඇයගේ ගමන එතැනින් අවසන් කියලා. හැබැයි පුදුමයකට වගේ ටික කාලයකින් ඇය නැවතත් පැමිණ ගේම්ස් ක්‍රැක් කරන්න පටන් ගත්තා. මේ අත්අඩංගුවට ගැනීම ඇත්තක්ද නැත්නම් ඇය කළ රංගනයක්ද කියන එක අදටත් රහසක්.
Empress කියන්නේ Necessary Evil වගේ කෙනෙක්. community එක ඇයට වෛර කළත්, ඇයට අවධානය දෙන්නේ ඇයට පමණක් Denuvo කඩන්න පුළුවන් නිසයි. එක user කෙනෙක් කිව්වා වගේ, "අපිට ඕනේ ගේම් එක විතරයි, ඒක ක්‍රැක් කරන්නේ සාතන් වුණත් අපිට කමක් නැහැ."
ඔයාලා හිතන්නේ Empress කියන්නේ ගේමින් ලෝකයේ වීරවරියක්ද? නැත්නම් සල්ලිවලට සහ ප්‍රසිද්ධියට ඕනෑම දෙයක් කරන කෙනෙක්ද? ඔයාලගේ අදහස පහළින් comment කරන්න!
💬 Comments