Motion Picture Mafia Studio

Ad 1
🌙 ☀️

How Games are Cracked? Denuvo & DRM Explained in Sinhala

post

2009 අවුරුද්දේ Ubisoft සමාගම Assassin’s Creed 2 රිලීස් කරද්දී හිතුවේ ඒක කවදාවත් ක්‍රැක් කරන්න බැරි වෙයි කියලා. මොකද ඒක ප්ලේ කරන්න දිගටම internet ඕන වුණා. හැබැයි ඒ විශ්වාසය බිඳවැටෙන්න ගතවුණේ දවස් 9ක් විතරයි. බිලියන ගණන් වියදම් කරලා හදපු ආරක්ෂක පද්ධතියක් දවස් 9කින් down වුණේ කොහොමද? අද අපි බලමු ගේම් එකක් ඇත්තටම ක්‍රැක් කරන්නේ කොහොමද කියලා.

අපි මේක සරලව තේරුම් ගමු. ගේම් එකක් ක්‍රැක් කරනවා කියන්නේ නයිට් ක්ලබ් එකක ඉන්න Bouncer රවට්ටලා ඇතුළට යනවා වගේ වැඩක්. එක්කෝ ඔයාට ඇත්තම VIP පාස් එකක් තියෙන්න ඕනේ, නැත්නම් ඇත්ත එක වගේම පේන හොර පාස් එකක් හදන්න ඕනේ.

පරණ කාලේ "VIP Pass" ක්‍රමය

ඉස්සර ෆ්ලොපි ඩිස්ක් (Floppy disc) කාලේ ගේම් එක දැනගෙන හිටියේ නැහැ ඔයා කවුද කියලා. ඒක බැලුවේ ඔයා ළඟ VIP පාස් එක, ඒ කියන්නේ Serial Key එක තියෙනවද කියලා විතරයි. හැබැයි පයිරේට්ස්ලා (Pirates) ඒ key එක කොපි කරලා මුළු ඉන්ටර්නෙට් එකටම දැම්මා.

ඊට පස්සේ Developersලා අමුතු වැඩක් කළා. එයාලා key එක හංගලා තිබ්බේ ගේම් එකත් එක්ක එන මැනුවල් (Manual) එක ඇතුළේ. "Enter the code from page 14, paragraph 2" වගේ දේවල් ඇහුවා. හැකර්ස්ලා ඒකටත් වැඩක් දුන්නා. එයාලා මුළු මැනුවල් එකම ස්කෑන් කරලා PDF එකක් විදිහට අප්ලෝඩ් කළා.

90 දශකයේ CD-ROM එද්දී එයාලා කිව්වේ මේක කඩන්න බැහැ කියලා. මොකද ගේම් එක play කරන්න අනිවාර්යයෙන්ම CD එක මැෂින් එකේ තියෙන්න ඕනේ. හැබැයි හැකර්ස්ලා පුංචි පෑච් (Patches) ලියලා, CD එක නැතත් CD එක තියෙනවා කියලා ගේම් එක රවට්ටන්න පටන් ගත්තා. ඔයාට මතක ඇති පරණ සොෆ්ට්වෙයාර් "Virtual Disc" එකක් විදිහට පේන්නේ අන්න ඒ නිසයි.

Modern Devil: Denuvo සහ DRM

අද කාලේ තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්. දැන් තියෙන්නේ Denuvo වගේ දරුණු ආරක්ෂක පද්ධති. මේවා හරියට ක්ලබ් එක ඇතුළේ ඔයාගේ ඔළුව උඩට වෙලා හැම තත්පරේම ඔයාගේ අයිතිය චෙක් කරන Bouncer කෙනෙක් වගේ.

හැකර්ස්ලා මේක කරන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම එයාලා ගේම් එක සල්ලි දීලා අරන් ඒකේ ඔරිජිනල් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ x64dbg වගේ ටූල්ස් පාවිච්චි කරලා ගේම් එක රන් වෙනකොට ඒකේ brain එක ඇතුළේ මොකද වෙන්නේ කියලා බලනවා. IDA Pro(reverse engineering වල "Godfather") වගේ ටූල්ස් වලින්, මැෂින් එකට විතරක් තේරෙන කෝඩ් එක මනුස්සයෙකුට තේරෙන විදිහට හරවලා බලනවා කොතනින්ද මේ ownership එක චෙක් කරන්නේ කියලා.

Denuvo වල ඇති භයානකකම

සාමාන්‍ය ආරක්ෂක පද්ධති වගේ නෙවෙයි, Denuvo කියන්නේ මහා කරදරයක්. ඒක ගේම් එකේ කෝඩ් එක ඇතුළේ හොර පාරවල්(Fake paths), උගුල් (Booby traps) දහස් ගණනක් හංගනවා. ඒ වගේම ගේම් එක ප්ලේ කරද්දී කෝඩ් එකේ පොඩි කෑල්ලක් විතරයි එක පාරකට පෙන්නන්නේ.(decrypt)

ඉතින් හැකර් කෙනෙක්ට මේ ගේම් එක ක්‍රැක් කරන්න නම්, ඒ හැම පොඩි කෑල්ලක්ම එකතු කරගන්න වෙනවා. ඒ නිසා තමයි අලුත් ගේම්ස් ක්‍රැක් කරන්න හැකර්ස්ලාට ගේම් එකේ හැම මිෂන් එකක්ම ප්ලේ කරන්න, හැම කොනකම ඇවිදින්න සිද්ධ වෙන්නේ. එක වැරැද්දක් වුණොත් ගේම් එක ක්‍රෑෂ් (Crash) වෙනවා.

අද කාලේ මේ හැකර් ගෲප් වැඩ කරන්නේ නිකන් ලොකු ස්ටූඩියෝ එකක් වගේ. එයාලට programmers, testersලා වෙනම ඉන්නවා. එයාලගේ එකම ඉලක්කය තමයි "කවුද ඉස්සෙල්ලාම මේක කඩන්නේ" කියන එක.

ලොකුම විහිළුව තමයි, මේ වගේ දක්ෂ හැකර්ස්ලා පස්සේ කාලෙක ලොකු ගේම් ස්ටූඩියෝ වලම රස්සාවට ගන්නවා. මොකද පද්ධතියේ දුර්වලතා ගැන හොඳටම දන්නේ එයාලා නිසා.

ඇත්තම කිව්වොත් පයිරසි (Piracy) නිසා තමයි GTA Vice City, San Andreas වගේ ගේම්ස් අදටත් අපි අතර ඉතිරි වෙලා තියෙන්නේ. ඒ කාලේ අපි හැමෝටම සල්ලි දීලා ගේම්ස් ගන්න වත්කමක් තිබුණේ නැහැ. අද කාලේ ලොකු මතයක් තියෙනවා "සල්ලි දීලා ගත්තත් ඒක අපිට අයිති නැත්නම්, පයිරසි කරන එක හොරකමක් නෙවෙයි" කියලා.

හැබැයි ඔයාට පුළුවන් නම්, අනිවාර්යයෙන්ම ගේම් එක සල්ලි දීලා අරන් deveලට උදව් කරන්න. මොකද ඒ අය අවුරුදු ගණනාවක් මහන්සි වෙලා තමයි ඒ නිර්මාණය අපිට දෙන්නේ.

ඔයාලා හිතන විදිහට 'සල්ලි දීලා ගත්තත් ඒක අපිට අයිති වෙන්නේ නැත්නම්, පයිරසි කරන එක හොරකමක් නෙවෙයි' කියන කතාව ඇත්තද? ඔයාලගේ අදහස මොකක්ද? පහළින් comment එකක් දාන්න! 👇

By SANA

💬 Comments

WhatsApp