Motion Picture Mafia Studio

Ad 1
🌙 ☀️

The X-Files | Television ඉතිහාසය වෙනස් කළ Legendary Sci-Fi Series එක

the x files
🎧 Listen to this article
0:00 / 0:00
Tip: You can seek using the slider and change speed using the dropdown.

Hello Guys අද ගෙනාවා ඔයාලා කවුරුත් දන්න Series එකක් වුන The X-Files (The Truth Is Out There).

90 දශකයේ ටෙලිවිෂන් ලෝකයට එනකොටම Sci-Fi කියන්නේ ගොඩක් දුරට “විශේෂ ප්‍රේක්ෂක පිරිසකට” සීමා වෙලා තිබුණු genre එකක්. ඒත් 1993දී Chris Carter නිර්මාණය කළ The X-Files released වුනාට පස්සේ, Sci-Fi genre එක mainstream එකක් වුණා කියලාත්, ටීවී කතා මාලාවක් කොච්චර ගැඹුරු පරීක්ෂණාත්මකව, භීතියක් සහ අභිරහසක් එක්ක කියන්න පුළුවන්ද කියලාත් ලෝකයටම පෙන්නුවා. 1993–2002 දක්වා මුල් විකාශනය වුණ මේ කතා මාලාව, පසුව නැවතත් ප්‍රේක්ෂක ආදරය නිසා 2016 සහ 2018දී revival seasons වලින් ආපහු කරලියට ආවා.

Story එකේ heart එක එහෙමත් නැත්නන් core එක: Mulder and Scully

The X-Files එකේ core එක තමයි එහි ප්‍රධාන චරිත දෙක FBI Special Agent Fox Mulder සහ Dana Scully. Mulder කියන්නේ UFO, aliens, සහ අද්භූත දේවල් ගැන හදවතින්ම විශ්වාස කරන කෙනෙක්. ඒකට ප්‍රතිවිරුද්ධව Scully කියන්නේ වෛද්‍යවරියක් (medical doctor) සහ තර්කය, විද්‍යාත්මක සාධක, සාක්ෂි ඉදිරියට තබන skeptic කෙනෙක්. මේ දෙන්නාගේ Mulder belief vs Scully skepticism ගැටුම තමයි කතාවට විශේෂ රසයක් දෙන්නේ එක පැත්තකින් අඳුරු අභිරහසට ඇද දමනවා, අනෙක් පැත්තෙන් ඒක අභියෝග කරලා නිවැරදි මාර්ගයකට ගෙන යනවා.

“The Truth Is Out There”

The Truth Is Out There මේ line එක දකින්නේ කොතනද අපිට මතක් වෙන්නේ The X-Files ඒ තරමටම මේ line එක අපේ ඔලුවට කාවැදිලා තියෙන්නේ. මේ වචන තුන කතාවේ true meaning එක පෙන්නනවා. ඇත්තක් තියෙනවා, ඒත් ඒක සඟවාගෙනයි. ඒ සඟවන්නේ කවුද? ඇයි? ඒකට හේතුව මොකක්ද? මේ ප්‍රශ්න ප්‍රේක්ෂකයාගේ මනස තදින්ම බැඳලා තබනවා.

Paranormal, UFOs, Conspiracies: එකම ලෝකයක අඳුරු තිත්

The X-Files කතාවේ මූලික අවධානය යන්නෙ paranormal cases, UFOs, government conspiracies, සහ unexplained phenomena වලට. Mulderට සහ Scullyට ලැබෙන “X-Files” කියන විශේෂ ෆයිල් එකතුවෙ තියෙන්නේ සාමාන්‍ය ක්‍රම වලින් විසඳන්න බැරි, බොහෝවිට අධි රහසිගත හා weak evidence තියෙන wierd cases. ඒ cases හරහා කතා මාලාවට විද්‍යාත්මක සැකයක්, භීතියක්, සහ අභිරහසක් එකට එකතු කරලා කෙලින්ම කියනවා නන් අපට පෙව්වා. අමුතුවෙන් කියන්න ඕනා නෑනේ ඉස්සර ජාතික එකේ යනකොට හැමදාම හවසට පෙරුම්පුරාගෙන බලාගෙන හිටියේ The X-Files යනකන්නේ ඔයාලටත් ඒ අත්දැකීමම ඇති කියලා මන් හිතනවා.

එක episode එකක aliensලා සම්බන්ද story එකක්. තව දවසක අමුතු “monster” කෙනෙක්. වෙන දවසක government එක හරි secret company එකක් සත්‍යය වහගෙන ඉන්න conspiracy එකක්. මේ විවිධත්වය නිසා The X-Files කවදාවත්ම audience එකට එපා වුනේ නෑ.

Episode wise story එක වෙනස් වුනාට Long-Running Mythology එකක් X files එකේ තියනවා. මේ රටාව පස්සෙ ආපු ගොඩක් Sci-Fi / mystery / thriller කතා මාලාවලට ආදර්ශයක් වුණා කියලා දුක නැතුව කියන්න පුළුවන්.

Impact and Legacy: Sci-Fi Genre එකට දුන් දායකත්වය

මෙම කතා මාලාව Emmy සහ Golden Globe වගේ ප්‍රමුඛ සම්මාන ගණනාවක් දිනාගෙන තියෙනවා. X-Files කියන්නේ කතාවක් විතරක් නෙවෙයි; ඒක ආකල්පයක්: සැක කිරීම, සොයා බැලීම, සහ “ඇත්ත” කියන දෙය අපේ real life එකත් එක්ක වැඩ කරන්න ඕනා කොහොමද කියලා පැහැදිලිවම කියලා දීලා තියෙනවා.

ඒ නිසාම අදටත් මේ සීරීස් එකට ලොකු fanbase එකක් තියෙනවා. 2016 සහ 2018 revival seasons ආපු එකත් ඒ ආදරයේ තවත් සාක්ෂියක්. බොහෝ දෙනාගේ අදහස එකමයි: The X-Files කියන්නේ All Time Best Sci-Fi TV shows අතරට අනිවාර්යයෙන්ම යන එකක්.

The X-Files follows two FBI agents investigating strange and unexplained cases, blending science fiction, horror, and mystery with deep government conspiracy themes. එහෙම කියන එක සරල වචන කිහිපයක් වුණත්, ඒ තුළ තියෙන බලය අති විශාලයි. Mulderගේ විශ්වාසයත්, Scullyගේ තර්කයත් අතර දුවන මේ ගමන, ප්‍රේක්ෂකයාට නිතරම එක් ප්‍රශ්නයක් ඉතිරි කරනවා:

ඇත්තටම… “The Truth Is Out There” ද?

The X-Files බලලා නැති අය පහල link එකෙන් Download කරගෙන බලන්න

Download The X-Files

By SANA

Voice Tharindu Jayakody

The X-Files Trailer

WhatsApp