ඉතින් කට්ටිය අද අපි කතා කරන්න යන්නෙ Netflix ආයතනයේ ඉස්සර ඉදන් මේ ආපු ගමන දක්වා ආපු ගමන ගැන පුදුම හිතෙන කාරණා 7ක්.
ඉතින් මම පළවනියටම කියන්නෙ Netflix ආයතනය මුලින්ම පටන් ගත්තෙ කොහොමද කියන එක Netflix ආයතනය 1997 දී රීඩ් හේස්ටින්ග්ස් (Reed Hastings) සහ මාක් රැන්ඩොල්ෆ් (Marc Randolph)විසින් තමයි මුලින්ම පටන් ගත්තෙ . ඉතින් ඒකාලෙ මේ දෙන්න මුලින් කළේ අන්තර්ජාලය හරහා ඇණවුම් කරන DVD තැටි තැපැල් මගින් නිවෙස්වලට යවපු එක. මේක ඒ කාලෙ තිබ්බ වීඩියෝ කුලියට දෙන වෙළඳසැල් ක්‍රමේට වඩා ඉතා පහසු විකල්පයක් වුණා.
ඉතින් ඊළගට මම කියන්නෙ 2000 වසරේදී Netflix සමාගම ගොඩක් ආර්ථික අර්බුදේකට මුහුණ දුන්න. ඉතින් මම කියන්නෙ මොනවහරිම දෙයක් පටන්ගනිද්දි කරදර වෙනවනෙ Netflix ආයතනයටත් කරදර ආවා ඒ වෙලාවෙ Netflix ආයතනය කරේ ඒ කාලෙ ලොව විශාලතම වීඩියෝ කුලියට දෙන ජාලය වෙච්ච Blockbuster වෙත ඩොලර් මිලියන 50කට විකිණීමට තමයි රීඩ් හේස්ටිංස් උත්සාහ කළේ . ඒත් ඒ වෙලාවෙ Blockbuster ආයතනය ඒක ප්‍රතික්ෂේප කළා ඉතින් මෙහෙම කරදර,බාධක මැදින් ඇවිල්ල අද වෙද්දි බලන්නකො Blockbuster ආයතනය වැහිල ගිහිල්ල Netflix ආයතනය ඩොලර් බිලියන ගණනක් උපයන සමාගමක් බවට පත් වෙලා.
ඒ වගේම ඊළගට කියන්න ඕනැ ඒකාලෙ වීඩියෝ කුලියට දෙද්දි නියමිත දිනට ලබා දුන්නෙ නැත්නම් විශාල දඩ මුදලක් ගෙවන්න සිද්ද වුණා. ඉතින් මේක ප්‍රයෝජනයට ගත්ත Netflix සමාගම මාසික දායකත්ව (Subscription) ක්‍රමය හඳුන්වා දීල මේ දඩ මුදල් අය කර ගැනීම නතර කරා. ඉතින්මේක පාරිභෝගිකයන් අතර ඉක්මනින් ජනප්‍රිය වෙන්න හේතුවක් වුණා.
ඊටපස්සෙ කියන්න ඕනැ 2007 වසරේදී Netflix තමන්ගෙ 'Watch Now' නම් ස්ට්‍රීමිං සේවාව හඳුන්වා දුන්න. ඒ ක්‍රමය හින්ද DVD තැටි එනකන් බලාගෙන ඉන්නෙනැතුව අන්තර්ජාලය හරහා ඍජුවම ,ඉක්මනින්ම චිත්‍රපට බලන්න පුළුවන් හැකියාව පාරිභෝගිකයාට ලැබුණ.
ඒ වගේම ඊළගට Netflix ආයතනය තමන්ගේම චිත්‍රපට පෙන්නන්න පටන් ගත්ත. අනුන්ගෙ චිත්‍රපට පෙන්වනවා වෙනුවට, 2013 දී 'House of Cards' වගෙ තමන්ගේම නිර්මාණ නිෂ්පාදනය කිරීමට Netflix ඊටපස්සෙ පියවර ගත්ත. ඉතින් අද වෙද්දි Netflix ලොව ප්‍රමුඛතම චිත්‍රපට සහ ටෙලි කතා නිෂ්පාදන ආයතනයක් බවට පත්වෙලා.
ඉතින් මේ ආපු ගමනෙදි Netflix විසින් ඊළඟට පාරිභෝගිකයන් බලන දේවල් ගැන විශාල විදිහට දත්ත රැස් කරන්න පටන් ගත්ත.අපි කැමති කුමන විදිහේ කුමන ආකාරයේ චිත්‍රපටවලටද යන්න හඳුනාගෙන, අපිට ගැලපෙන දේවල් නිර්දේශ කරන්න (Recommendation algorithm) Netflix ආයතනය මේ දත්ත භාවිතා කරනව.
අන්තිමටම මම කියන්න කැමතියි වර්තමානය වෙද්දි රටවල් 190කට අධික සංඛ්‍යාවක මිලියන 200කට වඩා වැඩි දායකයින් පිරිසක් Netflix සතුව ඉන්නව.
ඉතින් Netflix කියන්නෙ ලෝකයේ විනෝදාස්වාද ක්ෂේත්රයේ විශාලතම විප්ලවයක් විදිහටයි මම දකින්නෙ.