ඔයාලා දන්නවා ඇති FROM කියන්නේ නිකන්ම Horror සීරීස් එකක් නෙවෙයි කියලා. මේකේ හැම තත්පරයකම මොකක් හරි රහසක් හංගලා තියෙනවා. ඉතින් අප්‍රේල් 19 වෙනිදා MGM+ හරහා නිකුත් වෙන්න නියමිත Season 4 බලන්න කලින්, මේ සීරීස් එකේ අධ්‍යක්ෂවරයාම විශේෂ එපිසෝඩ් 10ක් තෝරලා දීලා තියෙනවා ආයෙත් බලන්න කියලා. ඒ ඇයි? මොකද ඒ එපිසෝඩ් ඇතුළේ තමයි සීසන් 4 වලට ඕනේ කරන හැම උත්තරයක්ම හංගලා තියෙන්නේ.
මේක නිකන්ම කතාවේ ආරම්භය විතරක් නෙවෙයි. අපි මුලින්ම මේක බලද්දී බය වුණු පාරට, මේ නගරයේ තියෙන නීති රීති ගොඩක් අපිට මඟහැරුණා. වික්ටර්ගේ (Victor) කුඩා කාලය ෆ්ලෑෂ්බැක් එකකින් පෙන්නන්නේ මෙතනදී. ඒ වගේම අර අමුතු සලකුණු (Symbols) මුලින්ම පේන්න ගන්නෙත් මෙතනදී තමයි.
මේකෙදි තමයි බොයිඩ්ට (Boyd) සම්පූර්ණයෙන්ම තේරෙන්නේ බේරිලා ඉන්න එකයි, මේ නගරය තේරුම් ගන්න එකයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රශ්න දෙකක් කියලා. මේකේ පෙන්නන සත්තුන්ගේ හැසිරීම්වල ලොකු බලපෑමක් අපිට සීසන් 3 වලදී බලාගන්න ලැබුණා.
මේක තමයි නගරය බිල්ලක් ඉල්ලන දවස. ළමයි පූජා කරන එක සහ ඒකට නගරය ප්‍රතිචාර දක්වන විදිහ ගැන මේකෙන් ලොකු ඉඟියක් දෙනවා. මේකේ තියෙන රහස් සීසන් 4 වලදී හෙළිවෙයි කියලා තමයි කියන්නේ.
වික්ටර්ගේ අතීතය සහ එයා පොඩි කාලේ ඇඳපු චිත්‍ර ගැන මේකේ තියෙනවා. ඒ චිත්රවල තියෙන සලකුණු තමයි Jade සහ Tabitha සීසන් 3 වලදී දකින්නේ.
Tabitha ගෘහ නිර්මාණ ශිල්පය ගැන තියෙන දැනුම නිසා එයා නගරයේ තියෙන අමුතු ව්‍යුහයක් දකිනවා. ඒක තමයි සීසන් 4 Trailer එකේ කියන "වහලා තිබුණා නම් හොඳයි කියලා හිතෙන දොරවල්(doors that should have stayed closed.)" වලට පාර කියන්නේ.
මේ සීරීස් එකේ එන නැළවිලි ගීත කියන්නේ නිකන්ම පසුබිම් සංගීතයක් නෙවෙයි. ඒක මේ නගරයත් එක්ක ගනුදෙනු කරන සන්නිවේදන ක්‍රමයක්.
සීසන් 2 finale එක. මේකෙදි හැමදේම කැඩෙනවා. බොයිඩ්ගේ ගනුදෙනුව, ගස සහ බොයිඩ්ගේ ඇඟ ඇතුළට ගිය පණුවෝ ගැන මේකේ තියෙනවා. ඒ පණුවෝ තාමත් සීසන් 4 වල ක්‍රියාකාරීයි කියලා Trailer එකෙන් පේනවා.
අර කහ පාට ඇඳුම ඇඳගත්තු මිනිසා (Man in Yellow) මුල්ම වතාවට ප්‍රධාන චරිතයක් එක්ක කෙලින්ම කතා කරන්නේ මෙතනදී. එයාගේ නීති සහ එයා මොන වගේ භයානක කෙනෙක්ද කියලා මේකෙන් පේනවා.
දෙවැනි නැළවිලි ගීත එපිසෝඩ් එක. මේක අහම්බයක් නෙවෙයි. රසිකයන් කියන්නේ මේ Lullaby එපිසෝඩ් දෙකම එක දිගට බලන එක තමයි සීසන් 4 වලට ලෑස්ති වෙන්න කරන්න පුළුවන් හොඳම වැඩේ කියලා.
සීසන් 3 finale එක. ජූලී කාලය හරහා යනවා (Time travels), ජිම් අතුරුදන් වෙනවා. කහ පාට ඇඳුම ඇඳි මිනිසා නිකන්ම නිරීක්ෂකයෙක් නෙවෙයි, සැබෑ සතුරෙක් කියලා ස්ථිර වෙනවා. සීසන් 4 පටන් ගන්නේ මෙතන ඉඳන් තමයි.
මේක තමයි මේ කතාවේ තියෙන තීරණාත්මකම අවස්ථාව. මොකද මේක මේ සීරීස් එකේ අවසානයට කලින් සීසන් එක. ඒ කියන්නේ Season 5 එකෙන් කතාව ඉවර වෙනවා. ඒ නිසා සීසන් 4 වලදී අපිට Breadcrumbs නෙවෙයි, ඇත්තම උත්තර ලැබෙන්න පටන් ගන්නවා.
LOST, ALIAS සහ FRINGE වගේ සුපිරි සීරීස් හදපු කණ්ඩායමම තමයි මේකත් පිටුපස ඉන්නේ. ඒ නිසා මේකේ තියෙන "Mythology" එක හරිම ගැඹුරුයි. අප්‍රේල් 19 වෙනිදා ඉඳන් මේ ප්‍රශ්නවලට උත්තර අපිට ලැබෙන්න පටන් ගන්නවා.
ඔයාලා හිතන විදිහට මේ අමුතු නගරයෙන් බේරිලා යන්න කාට හරි පුළුවන් වෙයිද? නැත්නම් හැමෝම මේ මාරක හීනය ඇතුළෙම මැරිලා යයිද? ඔයාගේ අදහස comment කරන්න!
From තාමත් බලලා නැති අය මේ Link එකෙන් ගිහින් බලන්න.
💬 Comments