ඔන්න අද අරන් ආවා ලංකාවේ Underrated Series එකක් වුන Black Mirror.
Black Mirror Series එක Sci-Fi, Psychological Thriller යන Genres වලට අයත් වෙනවා වගේම මේක Anthology Series එකක්. ඒ කියන්නේ episode එකෙන් එකට තියෙන්නෙ එක එක කතා. හැබැයි මේක Shared Universe එකක් වාගේ හොදින් බැලුවොත් හැම Episode එකකම අනිත් episode වලට Connect වෙන මොකක්ම හෝ දෙයක් තියනවා
Black Mirror එකේ Main theme එක වෙන්නේ නුදුරු අනාගතේ තාක්ශනෙයේ දියුනුවත් එක්ක වෙන්න පුලුවන් සිදුවීම් පිලිබදවයි.
Internet, Social Media, Gaming, Virtual Reality, Hacking වාගේ අපි එදිනෙදා භාවිතා කරන දේවල් තාක්ශනය එක්ක දියුනු වෙලා මිනිස්සුන්ගේ ආකල්ප වල ඉදන් සිදුවෙන වෙනස Black Mirror හැම season එකකම වාගේ mention වෙනවා.
Black Mirror එකේ ප්‍රධාන කතෘ Charlie Brooker. මුලින්ම විකාශය උනේ UK channel එකක් වුන Channel 4 වල. පසුව Netflix එකෙන් විකාශන අයිතිය ලබා ගන්නවා.
Ratings අතින් ගත්තොත් IMDB : 8.7/10, Rotten Tomatoes: 83%. IMDB Ranking අතින් 43 වන ස්ථානයේ සිටිනවා.
Finally Technology එක use කරන හැම පුද්ගලයෙක්ම බලන්න ඕනා Series එකක්, අනිවාරෙන්ම try කරලා බලන්න.