i3 චිප්ස් එළියට දැම්මේ 2010 ජනවාරි වල. මේක ගේන්න විශේෂ හේතුවක් තිබුණා. ඒ කාලේ තිබුණු ලාභ පරිගණක කියන්නේ ඉතින් කුණු ගොඩවල් වගේ ඒවා තමයි. Intel සමාගමට ඕන වුණා වැඩි වියදමක් නැති, ඒ වගේම මොනවා හරි වැඩක් දෙද්දිම හිරවෙලා lag වෙන්නේ නැති ප්රොසෙසර් එකක්. ඉතින් Core i3 කියන්නේ ඒකට intel දීපු උත්තරය.
දැන් කාලේ ඕනෑම තැනක තියෙන ලාභම ලැප්ටොප් සහ බජට් පීසී (budget PC) වල ඇතුළේ තියෙන්නේ මේ චිප් එක තමයි. අච්චු-පොත්වල වගේ අත්තම්මා කෙනෙක් ඇවිත් "පුතේ, මට වැඩ කරගන්න පුළුවන් සාමාන්ය ලැප්ටොප් එකක් ඕන" කියලා ඇහුවොත් අන්න එයාට අරන් දෙන්න ඕන මේ චිප් එක තියන ලැප් එකක් තමයි.
මොකද සාමාන්ය දෛනික වැඩවලට මේක පට්ට solid. YouTube බලන්න, බ්රවුස් කරන්න, Word document හදාගන්න, ටැබ් ගොඩක් ඕපන් කරලා තියන්න... කිසි ප්රශ්නයක් නැහැ, සද්ද නැතුව ඒ වැඩ ටික කරලා දෙනවා. සැහැල්ලු ගේම්ස් පවා සෙල්ලම් කරන්න පුළුවන්.
Heavy වැඩක් දැම්මොත් නම්, උදාහරණයක් විදිහට ලොකු වීඩියෝ එකක් එඩිට් කරන්න ගියොත් හරි, නැත්නම් අලුත් ගේම් එකක් මැක්ස් සෙටින්ග්ස් දාලා සෙල්ලම් කරන්න ගියොත් නම්, මේක දාඩිය දාගෙන හිරවෙන්න ගන්නවා. ඒකෙ වරදක් නැහැ, මොකද මේක කවදාවත් රාක්ෂයෙක් වගේ පවර් එකට හදපු එකක් නෙමෙයි. මේක ලාභයි, මොකද මේකෙන් කරන්නේ වැඩ ලේසි සහ සරල මට්ටමේ තියාගන්න එකයි. ගොඩක් අයට ජීවිතයටම මේක විතරක් ඇති.
දැන් මේකේ මම ඔයාට තේරුම් ගන්න ඕන ලොකුම දේ කියන්නම්. "අපෝ i3 කියන්නේ අඩුම එකනේ, එහෙනම් මේක කුණු ගොඩක් වෙන්න ඇති" කියලා computer එක දිහා බලන්න එපා. නැහැ, එහෙම නෑ.
i3, i5, i7 කියන්නේ චිප් එක කොච්චර පරණද කියන එක නෙමෙයි. සරලව කිව්වොත්, ඒක ප්රමාණය (tier) වගේ එකක්; පොඩි (small), මධ්යම (medium) හෝ ලොකු (large) කියලා වෙනස් වෙනවා වගේ දෙයක්.
සමහර වෙලාවට ඔයාට හරියන්නේ අර පොඩි එක වෙන්න පුළුවන්. කොහොම වුණත්, මේ හැම චිප් එකකටම Intel සමාගම හැම අවුරුද්දකම වගේ අලුත් බැච් එකක් එළියට දානවා. අපි මේවට කියන්නේ ජෙනරේෂන්ස් (generations) නැත්නම් පරම්පරා කියලා.
i3 එක විතරක් ජෙනරේෂන් 14ක් පසුකරලා තියෙනවා. අලුත්ම එක කලින් එකට වඩා වේගවත් සහ හොඳයි. ඒ නිසා, 14 වැනි පරම්පරාවේ (14th gen) i3 එකක් සාමාන්යයෙන් 10 වැනි පරම්පරාවේ (10th gen) i5 එකක් පරද්දනවා. i5 එකේ කෝර් (cores) ගණන වැඩි වුණත් ඒක එහෙමයි. i5 කියන නම අහද්දි හොඳයි වගේ පෙනුනට, වැඩේ වෙන්නේ එහෙම නෙමෙයි. ඒ නිසා බොක්ස් එකේ i3 ද i5 ද කියලා විතරක් බලන්න එපා, ජෙනරේෂන් එක (Generation) බලන්න.
තාක්ෂණික පැත්තෙන් බැලුවොත්, Modern i3 එකක් එන්නේ කෝර්ස් (cores) 4ක් සහ ත්රෙඩ්ස් (threads) 8ක් එක්ක. 2010 දී මේක එළියට දාද්දි තිබුණේ කෝර් 2ක් සහ ත්රෙඩ් 4ක් විතරයි.
හිතන්නකෝ ඔයා ගේම් එකක් සෙල්ලම් කරන ගමන් background එකේ Premiere Pro වලින් වීඩියෝ එකක් රෙන්ඩර් (render) වෙනවා කියලා. ඔයා එකපාර බර වැඩ දෙකක් කරන්න හදනවා. තනි කෝර් එකකට නැත්නම් එක worker කෙනෙක්ට මේ දෙකම එකපාර කරන්න බැහැ. Premiere Pro එකෙන් ටිකක්, ගේම් එකෙන් ටිකක් කියලා මාරුවෙන් මාරුවට තමයි කරන්නේ. ඒකෙන් ගේම් එකත් ලැග් වෙනවා (lag), වීඩියෝ එක රෙන්ඩර් වෙන්නත් අවුරුද්දක් යනවා.
දැන් ඔයාට කෝර්ස් දෙකක් තිබුණොත්, එක කෝර් එකක් ගේම් එක කරන අතරේ අනිත් එක වීඩියෝ එක බලාගන්නවා. workersලා දෙන්නෙක් වෙන වෙනම වැඩ දෙකක් කරනවා. ඉතින් ගේම් එක පට්ට ස්මූත් (smooth) විදිහට run වෙනවා. සරලවම, කෝර්ස් වැඩි වෙන්න වැඩි වෙන්න performance වැඩි වෙනවා, multitasking ලේසි වෙනවා.
ඉතින් අර මුලින් කිව්ව i3 එකට ආපහු ගියොත්, modern i3 එකක කෝර්ස් 4ක් සහ ත්රෙඩ් 8ක් තියෙනවා (ඇත්ත කෝර්ස් 4ක්, හැම එකකින්ම ත්රෙඩ් 2 බැගින්). දෛනික සාමාන්ය වැඩවලට මේක හොදටම ඇති. මේකේ ඉන්ටග්රේටඩ් ග්රැෆික්ස් (integrated graphics) තියෙන නිසා වෙනම ග්රැෆික් කාඩ් එකක් නැතුව ඩිස්ප්ලේ එක වැඩ කරන්න, වීඩියෝ බලන්න සහ සැහැල්ලු ගේම්ස් සෙල්ලම් කරන්න පුළුවන්.
ගොඩක් අය ඇත්තටම මිලදී ගන්න ඕන චිප් එක තමයි මේක. ස්වීට් ස්පොට් (sweet spot) එක. වැඩිත් නෑ අඩුත් නෑ.
දන්නවද පුදුම හිතෙන කතාවක්? i5 එක එළියට ආවේ 2009 සැප්තැම්බර් වල, i3 එක එන්න කලින්! i3 එක ආවේ ඊටපස්සේ i5 එකට වඩා ලාභ බාල එකක් විදිහට.
i5 එකක පවර් එක i3 එකට වඩා ගොඩක් වෙනස්. අලුත්ම i5 එකක කෝර් 14ක් සහ ත්රෙඩ් 20ක් දක්වා තියෙනවා. සරලව කිව්වොත්, මේකෙන් බැරි වැඩක් නැහැ. Cyberpunk හෝ Starfield වගේ බර ගේම්ස් පවා කිසිම අවුලක් නැතුව දුවන්න පුළුවන්. Valorant, CS2 හෝ Fortnite වගේ වේගවත් ගේම්ස් සෙල්ලම් කරනකොට පට්ට හයි ෆ්රේම් රේට් (high frame rates) ගන්න පුළුවන්.
ඒත් මේක ගේම්වලටම විතරක් නෙමෙයි. Premiere Pro, After Effects වගේ වීඩියෝ එඩිටින් software පට්ට ස්මූත්ව run කරන්න පුළුවන්. ගේම් play කරන ගමන් ලයිව් ස්ට්රීම් (live stream) කරන්නත් පුළුවන්.
මේකේ තියෙන විශේෂම ට්රික් එක තමයි, මේකේ ඇතුළේ තියෙන කෝර්ස් ඔක්කොම එක වගේ නෑ. පරණ චිප්ස් වල හැම කෝර් එකක්ම ලොකු, powerful, කරන්ට් එක පාවිච්චි කරන එකම ජාතියේ ඒවා. ඒක හොඳයි වගේ පෙනුනට ප්රශ්නයක් තියෙනවා. ඩිස්කෝඩ් (Discord) වගේ පොඩි ඇප් එකක් බැක්ග්රවුන්ඩ් එකේ දුවන්න ලොකු powerful කෝර් එකක් පාවිච්චි කරනවා කියන්නේ රේස් කාර් එකක නැගලා ගෙදර තැපැල් පෙට්ටිය බලන්න යනවා වගේ වැඩක්.
ඒ නිසා intelලා කෝර්ස් වර්ග දෙකකට බෙදුවා:
සාමාන්යයෙන් චිප් එකක් දුවන්නේ එක ස්ථාවර වේගයකින්. හැබැයි අපි නිතරම ලොකු වැඩ කරන්නේ නැහැනේ. ටැබ් දෙක තුනක් ඕපන් කරන් නිකන් ඉන්න වෙලාවට සාමාන්ය විදිහට දුවනවා. එකපාර සැහැල්ලු වැඩක් නෙමෙයි, බර වැඩක් දැම්මොත් චිප් එකට තේරෙනවා වේගය වැඩි කරන්න ඕන කියලා. එතකොට ටර්බෝ බූස්ට් කියන feature එකෙන් චිප් එකේ ස්පීඩ් එක ඒ මොහොතට පැනලා වැඩි කරනවා. වැඩේ ඉවර වුණාම ආපහු පවර් එක සාමාන්ය මට්ටමට බස්සනවා.
දැන් අපි ඉන්නේ serious territory තියෙන area එකේ! i5 කියන්නේ සාමාන්ය වැඩිපුරම ගන්න ඕන එක නම්, i7 කියන්නේ ඇත්තටම පරිගණකයෙන් මහන්සි වෙලා වැඩ කරලා සල්ලි හොයන අයටයි.
ඔයා ප්රොෆෙෂනල් වීඩියෝ එඩිටර් කෙනෙක් නම්, 3D ආටිස්ට් කෙනෙක් නම්, නැත්නම් heavy software පාවිච්චි කරන ගමන් ස්ට්රීම් කරන ගේමර් කෙනෙක් නම්, අතේ extra සල්ලි ටිකක් තියෙනවා නම් i7 කියන්නේ හරියටම ඔයාට ගැළපෙන එක.
අලුත්ම i7 එකක කෝර්ස් 20ක් සහ ත්රෙඩ් 28ක් වගේ තියෙනවා. මේවගෙන් 8ක් powerful P-cores වන අතර 12ක් E-cores. i7 එකක් i5 එකකට වඩා වෙනස් වෙන්නේ secret feature එකකින් නෙමෙයි; හැමදේම ටිකක් වැඩියෙන් තියෙනවා (කෝර්ස් වැඩිපුර, ත්රෙඩ් වැඩිපුර, වේගය ටිකක් වැඩිපුර සහ සල්ලිත් වැඩිපුර).
i7 එකකින් 4K වීඩියෝ ටයිම්ලයින් එක stutter නැතුව එඩිට් කරන්න පුළුවන්. ගේම් එකකට විතරක් නම් i7 එක පොඩි ඕවර්කිල් (overkill) එකක් (i5 එකත් ඒකට හොදයි). i7 එකේ සැබෑ වටිනාකම තේරෙන්නේ කන්ටෙන්ට් ක්රියේටර් කෙනෙක් වගේ බර වැඩ කරනකොටයි.
මේක තමයි ඉණිමඟේ උඩම තියෙන එක (Top of the ladder). Intel වල ප්රධාන ආභරණය (flagship), line-up එකේ තියෙන බලවත්ම චිප් එක. i7 කියන්නේ මහන්සි වෙලා වැඩ කරන අයට නම්, i9 කියන්නේ ඒක අපයෝජනය කරන (abuse) අයටයි!
2017 දී AMD සමාගම Threadripper කියලා intel වලට වඩා කෝර්ස් ගොඩක් තියෙන මාර චිප් එකක් එළියට දැම්මා. ඉතින් intelලා බයවෙලා, ඒකට ප්රතිචාර දක්වන්න ඉක්මනට අලුත්ම ටොප්-ටියර් චිප් එකක් හැදුවා. අන්න එහෙමයි i9 බිහිවුණේ.
මේකේ i7 එකේ වගේම ශක්තිමත් P-cores 8ක් තියෙනවා, හැබැයි පොඩි E-cores 16ක් දාලා තියෙනවා (i7 එකේ 12යි). මේකෙන් 8K වීඩියෝ එඩිටින්, දැවැන්ත 3D සීන්ස් වගේ අති බර වැඩ ලේසියෙන් කරන්න පුළුවන්.
හැබැයි මෙච්චර පවර් එකක් තියෙනකොට ප්රශ්නත් එනවා. මේක පට්ට විදියට රත් වෙනවා. සාමාන්ය ෆෑන් එකකින් මේක cool කරන්න බැහැ, ජීවත් කරවන්න නම් නියම liquid cooling සිස්ටම් එකක්ම ඕන.
තවත් ලොකු ප්රශ්නයක් වුණේ, Intelලා මේකේ ස්පීඩ් එක වැඩිම මට්ටමට ගේන්න කම්පියුටර් එකට ඕනාවට වඩා වෝල්ටේජ් (voltage) දුන්න එක. ඒකෙන් 13 සහ 14 වැනි ජෙනරේෂන් i9 චිප්ස් පිච්චිලා ඩැමේජ් වෙන්න පටන් ගත්තා. Gamersලට එපා වෙලා AMD පැත්තට මාරු වුණා.
ඇත්තටම මේක කාටද? කිසිම කෙනෙක්ට කියන්න තරම් අවශ්යතාවක් නැහැ. ගොඩක් ගේමර්ස්ලා සහ ක්රියේටර්ස්ලාටත් i7 එකක් හෝ i5 එකක් ඇති, සල්ලි ටික ඉතුරු කරගන්න පුළුවන්. කාලය කියන්නේ සල්ලි කියන ප්රොෆෙෂනල් කෙනෙක්ට විතරයි මේක තේරුමක් තියෙන්නේ.
ප්රොසෙසර් එකක් මිලදී ගන්න යද්දි නම අගට අකුරු ටිකක් දාලා තියෙනවා දකින්න පුළුවන්:
2023 දී Intel නිවේදනය කළා ඔවුන් i-නම (i3, i5, i7, i9) අයින් කරනවා කියලා. ඒ වෙනුවට පවුල් දෙකකට බෙදුවා:
මේකේ මූලික අදහස් වෙනස් වෙලා නැහැ (5 මධ්යමයි, 7 උසස්, 9 ටොප්). හැබැයි Core Ultra ගෙනාව ලොකුම හේතුව AI (කෘත්රිම බුද්ධිය) නිසා.
පරණ චිප්ස් වල තිබුණේ CPU එකයි ග්රැෆික්ස් වලට GPU එකයි විතරයි. Core Ultra වලට NPU කියන අලුත්ම තුන්වෙනි චිප් එකක් එකතු කළා. ඒකේ මුළු රස්සාවම AI වැඩ ටික බලාගන්න එකයි (වීඩියෝ කෝල් වල background එක බ්ලර් කරන එක, live caption, AI ෆොටෝ එඩිට් කිරීම වගේ දේවල්).
මෙච්චර කල් මේ AI වැඩ ප්රොසෙසර් එකට බරක් වෙලා බැටරිය බස්සපු නිසා, දැන් NPU එක ඒක තනියම බලාගන්නවා. ලැප්ටොප් එක coolව තියෙනවා, බැටරිය වැඩි වෙලාවක් තියෙනවා. හැබැයි raw power එක අතින් ගත්තොත් පරණ i9 චිප්ස් වලට තාමත් අලුත් Ultra එක පරද්දන්න පුළුවන්.
💬 Comments