Motion Picture Mafia Studio

Ad 1
🌙 ☀️

SAM BAHADUR (2023)

sam-bahadur

ෆීල්ඩ් මාර්ෂල් සෑම් මැනෙක්ෂෝ කියන්නේ ඉන්දියානු යුද ඉතිහාසයේ නොමැකෙන නමක් තියපු තරු පහේ ජෙනරාල්වරයෙක්. ඔහුගේ ජීවිතය අනුසාරයෙන් නිපදවපු 'Sam Bahadur' (2023) චිත්‍රපටය පිළිබඳ මේ විචාරය ලියන්න මට හිතුනේ, ඒ සිනමාපටයේ තියෙන සිනමාත්මක ගුණය, ඓතිහාසික නිරවද්‍යතාවය සහ රංගන ප්‍රතිභාව යන අංශ ඔස්සේ ගැඹුරින් විමසා බලන්නයි.

මේ චිත්‍රපටය බලන්න කලින් මම ෆීල්ඩ් මාර්ෂල් සෑම් ගෙ චරිතාපදානය කියෙව්වා, බොහොම කලකට කලින්, මතක විදියට 2018, ඉන්දියාවෙදිමයි කියෙව්වෙ. ‘Field Marshal Sam Manekshaw, The Man And His Times කියන ඒ චරිතාපදානය ලියලා තියෙන්නේ, ෆීල්ඩ් මාර්ෂල් මැනෙක්ෂෝ ගෙ අධි සහායක (Aid-De-Camp) ලෙස රාජකාරි කරපු බ්‍රිගේඩියර් Behram M. Panthaki සහ ඔහුගේ බිරිඳ Zenobia Panthaki විසින්. ජෙනරාලවරයාගේ සහ බිරිඳගේ ළඟින්ම ඇසුරු කරපු දෙදෙනා විසින් ලියපු මේ පොතේ තියන සත්‍ය කරුණු එලෙසින්ම 'Sam Bahadur' සිනමාපටයේ ඇතුලත්ව තිබුනා කියල කිව්වොත් මම නිවැරදි.

සෑම් බහදූර් (Sam Bahadur): අභිමානය සහ මනුෂ්‍යත්වය මුසු වූ සිනමා ගමනක්

ඉන්දියානු සිනමාව තුළ වීරත්වයේ නාමයෙන් බොහෝ විට නිර්මාණය වන්නේ අතිශයෝක්තියෙන් පිරුණු "මසාලා" චිත්‍රපට වුනත්, අධ්‍යක්ෂිකා Meghna Gulzar ඒ සම්ප්‍රදායෙන් බැහැර වෙලා ඉතා සංයමයකින් යුතුව 'Sam Bahadur' නිර්මාණය කරලා තියනවා කියන දේ මුලින්ම කියන්න ඕනෙ. ඉතින් ඒ ප්‍රශංසනීය උත්සාහය නිසාම, වසර 40කට අධික කාලයක් ඉන්දියානු හමුදාව වෙනුවෙන් කැපවුනු සැබෑ නායකයෙකුගේ ආත්මය ඉතාම නිවැරදිව හා තාත්විකව අපට සිනමාව තුළින් දකින්න ලැබිලා තියනවා.

විකී කෞෂාල්ගේ රංගන පෞරුෂය: චරිතයකට පණ දීම

මෙම චිත්‍රපටයේ වැදගත්ම දේ තමයි මම දකින විදියට Vicky Kaushal ගෙ රංගනය. සැබෑ ජීවිතයේ සෑම් මැනෙක්ෂෝ කියන්නෙ ඉතා ආකර්ශනීය, හාස්‍යජනක මෙන්ම තේජවන්ත පෞරුෂයක්. විකී මෙම චරිතය තුළට පිවිසෙන්නේ හුදෙක් වේශ නිරූපණයෙන් ම පමණක් නොවේ. සෑම් මැනෙක්ෂෝගේ සුවිශේෂී ඇවිදීමේ විලාසය (බොහෝ විට ඉදිරියට නැඹුරු වූ ගමන), ඔහුගේ උඩු රැවුල හසුරවන ආකාරය සහ දෑස්වල ඇති ඒ නොසන්සුන් සහ සජීවී බව Vicky ඉතා සූක්ෂම ලෙස අධ්‍යයනය කරල තියන බව චිත්‍රපටය බලනකොට පේනවා. ජෙනරාල්වරයාගේ කතා විලාසය තුළ ඇති ඒ 'Parsi' පසුබිම සහිත ඉංග්‍රීසි සහ හින්දි උච්චාරණය විකී අනුකරණය කරන්නේ ප්‍රේක්ෂකයා මවිතයට පත් කරමින්. එ වගේම යුධ බිමේදී සෙබළුන් සමඟ සිටින සෑම් සහ නිවසේදී තම බිරිඳ සමඟ සිටින සෑම් අතර ඇති වෙනස ඔහු මනාව නිරූපණය කරනවා.

ඓතිහාසික සන්ධිස්ථාන සහ යුධ පසුබිම

චිත්‍රපටය 1930 ගණන්වල අගභාගයේ සිට 1970 දශකය දක්වා දිවෙන දීර්ඝ කාලානුක්‍රමික ගමනක් විදහා දක්වන්නේ. මෙහිදී සුවිශේෂී අවස්ථා කිහිපයක් කැපී පෙනේ:

ප්‍රධාන චරිත අතර සබඳතාවය

චිත්‍රපටයේ සාර්ථකත්වය රඳා පවතින්නේ සෑම්ගේ චරිතය වටා ගෙතුණු සෙසු චරිත මතයි.

අධ්‍යක්ෂණය සහ තාක්ෂණික ඇගයීම

මේඝ්නා ගුල්සාර්ගේ අධ්‍යක්ෂණ රටාව තුළ මම දැක්කෙ සැබෑ සිදුවීම්වලට ලබා දී තිබෙන ගෞරවයයි. ඇය අනවශ්‍ය ලෙස යුද්ධය වර්ණනා කිරීමට හෝ ව්‍යාජ දේශප්‍රේමයක් (Fake Patriotism) මතු කිරීමට උත්සාහ කරලා නැහැ මේ සිනමාපටයේදී.

චිත්‍රපටයේ යම් දුර්වලතා (Critical Analysis)

ඕනෑම විශිෂ්ට නිර්මාණයක යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. 'සෑම් බහදූර්' හි පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ එහි වේගය (Pacing) යි.

සෑම් මැනෙක්ෂෝගේ දර්ශනය: සිනමාවෙන් ඔබ්බට

මෙම චිත්‍රපටය වැදගත් වන්නේ ඇයි? එය හුදෙක් ඉතිහාසය කියා දෙන පාඩමක් නිසාම නොවේ. වර්තමාන ලෝකයට අවශ්‍ය නායකත්වය පිළිබඳ පාඩමක් මෙහි අන්තර්ගතයි. තම සෙබළුන් වෙනුවෙන් පෙනී සිටීම, දේශපාලන බලපෑම් හමුවේ කොන්ද කෙළින් තබාගෙන සිටීම හා පරාජය හමුවේ වුවද හාස්‍යය සහ බුද්ධිය අත් නොහැරීම කියන ගුණාංග සෑම්ගේ චරිතය තුළින් මනාව ඉස්මතු වෙනවා. චිත්‍රපටයේ එක් අවස්ථාවකදී ඔහු පවසන පරිදි, "වීරයෙකු වීම යනු බය නොමැතිකම නොව, බය පාලනය කරගැනීමට හැකි වීමයි."

සාරාංශය සහ අවසාන නිගමනය

Sam Bahadur යනු ඉන්දියානු සිනමාවට එක්වූ වටිනා මුතු ඇටයක්. එය ජාතිවාදය වපුරන චිත්‍රපටයක් නොව, වෘත්තීය ගෞරවය සහ දේශයට ඇති අසීමිත ආදරය ගැන කතා කරන නිර්මාණයක්. ඉතින්, විකී කෞෂාල්ගේ ජීවිතයේ හොඳම රංගනය දැක ගැනීමට, ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කළ මිනිසෙකුගේ සැබෑ කතාව දැන ගැනීමට, අධ්‍යක්ෂිකා මේඝ්නා ගුල්සාර්ගේ විශිෂ්ට සිනමා ශිල්පය අත්විඳීමට ඔබ මෙය නැරඹිය යුතුමයි.

ඔබ ඉතිහාසයට, චරිතාපදානවලට හෝ සැබෑ යුධ කතාවලට කැමති අයෙකු නම්, 'සෑම් බහදූර්' කියන්නෙ ඔබ මග නොහැරිය යුතු ම චිත්‍රපටයක්. අවසානයේදී ඔබට දැනෙනුයේ අභිමානයක් මිස හුදු විනෝදයක් පමණක් නොවෙයි. පුළුවන්නම් චිත්‍රපටය බලන්න කලින් පොතත් කියවන්න.


මගේ ඇගයීම: 4.5 / 5

By Dinusha

Samबहादुर - Official Trailer

WhatsApp