Marvel Cinematic Universe එකේ බලවත් Villain වන Doctor Doom ගෙ උපත Origin ගැන දැනට තියෙන නිල තොරතුරු ගොඩක් සීමිතයි.නමුත් Marvel Comics වල විදිහට ඔහු ගෙ පසුබිම සහ Marvel Cinematic Universe එකට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයට ගැන තියෙන තොරතුරු මෙන්න මේ විදියට පැහැදිලි කරන්න පුළුවන්.
Doctor Doom ගෙ සම්පූර්ණ නම තමයි Dr.Victor Werner Von Doom..Doctor Doom ගෙ උපන් ස්ථානය නැගෙනහිර යුරෝපයේ පිහිටි ප්‍රබන්ධ රටක් වන Latveria.
Dr.Victor Werner Von Doom ගෙ දෙමව්පියන් Gypsy වරුන්.ඔහු ගෙ මව Cynthia von Doom මායාකාරියක් වන අතර යක්ෂයෙකු වන Mephisto සමඟ කළ ගිවිසුමක් නිසා ඇය මිය යනවා.ඔහු ගෙ පියා Werner von Doom වෛද්‍යවරයෙක් ඔහු ද පසුව මිය යනවා.තරුණ Victor Science and Magic යන දෙකම ඉගෙන ගන්නේ Victor මව ගෙ ආත්මය Mephisto ගෙන් මුදවා ගැනීමට ඇති අරමුණ පෙරදැරි කරගෙනයි.
ඔහු ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් දක්ෂ ශිෂ්‍යයෙක් බවට පත් වෙනවා.එහි දී ඔහු අනාගතයේදී ඔහුගේ ප්‍රධාන සතුරා වන Reed Richards වන Mr. Fantastic හමුවෙනවා.Victor ගේ අත්හදා බැලීමක් වැරදී ගොස් ඔහුගේ මුහුණ බරපතල ලෙස Scarred ඇති වෙනවා.
නමුත් සමහර Comic Versions වල Reed Richards මේ සිදුවීමට වගකිව යුතුයි.
ඔහු විශ්වවිද්‍යාලයෙන් නෙරපූ පසු ලෝකය පුරා ගමන් කරන අතර Tibet හාමුදුරුවරුන් පිරිසක් විසින් ඔහුව බේරා ගන්නවා. ඔවුන් ගෙ උදව්වෙන් ඔහු Armor සහ Mask සාදා ගන්නවා.ඔහු වෙස්මුහුණ සම්පූර්ණයෙන්ම සිසිල් වීමට පෙර එය පැළඳීම නිසා ඔහුගේ මුහුණට තවත් බරපතල හානියක් සිදු වී ඔහු ස්ථිරවම වෙස්මුහුණට සිර වෙනවා.ඉන්පසු ඔහු Doctor Doom නමින් තමන්ගේ උපන් රට වන Latveria වල ඒකාධිපති පාලකයා බවට පත් වෙනවා.
Marvel Cinematic Universe එකේ තුල Doctor Doom ගෙ කතාව ආරම්භයේ සිටම නිල වශයෙන් තවම එළිදරව් කර නැහැ.ඔහු Marvel Cinematic Universe එකේ Multiverse Saga එකේ ප්‍රධාන Villain.මේ වෙද්දී ඔයාලා දන්නවා නේ.
Doctor Doom ගෙ Marvel Cinematic Universe එකේ ආගමනය Avengers: Doomsday සහ Avengers Secret Wars යන ෆිල්ම් දෙකේ ම දැනටමත් තහවුරු කරලා ඉවරයි.
Tony Stark Variant: Doctor Doom යනු Iron Man වන Tony Stark ගෙ වෙනත් විශ්වයක Variant Version විය හැකි බවට ප්‍රබල අනුමානයක් පවතී.
මෙයට හේතුව:
Robert Downey Jr. විසින් Doctor Doom ගේ Character එක සහ Marvel Cinematic Universe එකේ නිර්මාතෘවරුන් මෙය ඉඟි කර තිබීමක් එක්ක ම මෙම Theories අනුව Victor von Doom ගෙ ගුණාංග ලෙස විශිෂ්ට බුද්ධිය තාක්ෂණය සහ අහංකාරය Tony Stark ට සමාන වීම නිසා වෙනත් විශ්වයක සිටින Tony Stark Variant කෙනෙක්.යම් සිදුවීමක් නිසා
උදා: Ultron ව්‍යාපෘතියක් වැරදීම Thanos ට පරාජය වීම Doctor Doom බවට පත් වීමට ඉඩ තිබීම එක්ක වෙන්න පුලුවන්.වෙනත් විශ්වයක.
ඔහු Fantastic Four කණ්ඩායමේ විශේෂයෙන්ම Reed Richards ගෙ ප්‍රතිවිරුද්ධ චරිතය ලෙස මුලින්ම පැමිණීමට ඉඩ තිබීම එක්ක ම ඔවුන්ගේ විශ්ව විද්‍යාලයේදී සිදුවන අත් හදා බැලීමක් වැරදීම හෝ Multiverse එකේ සිදුවන අනතුරක් නිසා Victor ගේ මුහුණට හානිය වී ඔහුගේ Doom Armor නිර්මාණයට Paving the Way කර හැකි ය.
Multiverse එකෙන් ඔහු පැමිණෙන්නේ Marvel Cinematic Universe එකේ ප්‍රධාන විශ්වය Earth 616 නොවන වෙනත් විශ්වයකින් පැමිණෙන Earth-838 හෝ Earth-828 වැනි මේ දෙකෙන් එකක් වෙන්න පුලුවන්.
තවත් comics තියනවා tony ගෙ දෙමව්පියන් ඉස්සර ඉදලම doom යටතේ සේවය කරන ගමන් ඉදලා tony පොඩි කාලෙදි ඒ දෙන්නවම ඝාතනය වෙනවා doomගෙ enemy කෙනෙක් අතින්, ඊට පස්සෙ doctor doom tonyව හදාගන්න ගන්නවා, ඊට කාලෙකට පස්සෙ, real doctor doom fight එකකදි ashes ගොඩක් වෙලා මැරෙනවා, ඊට පස්සෙ tony තමයි doctor doom වෙන්නෙ, හැබැයි අන්තිමට real doom ආපහු එනවා.... ඔය වගේ ඒවනම් වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි, fantastic four release උන දවසෙ RDJ ඔය comic book එකත් එක්ක photo එකක් දාලා තියනවා දැක්කා, ගොඩක් දුරට distraction එකක් වෙන්නැති....