 
    Valve විසින් ඊයේ(සැප්තැම්බර් 18) දින Steam platform එක support කරන අවසාන 32bit OS එක වන Windows 10 32bit මෙහෙයුම් පද්දතිය සදහා සහය දැක්වීම නවත්වන බව නිවේදනය කරා. ඒ අනුව 2026 ජනවාරි 1 දිනට පෙර තමන්ගේ ප්‍රියතම games play කිරීමට සහ තාක්ෂණික ගැටළු වළක්වා ගැනීමට Windows 10 64bit OS එකට upgrade කරන ලෙස Valve recommend කරා.
Windows 10 32-bit අතහැර දැමීමට Steam ගත් පියවර, 2021 දී Windows 11 දියත් කිරීමෙන් පසුව, Microsoft නිවේදනය කළේ Windows 10 ප්‍රධාන ධාරාවේ සහාය 2025 ඔක්තෝබර් 14 වන අඟහරුවාදා අවසන් වන බවයි. සහ එය 32 bit සදහා සහය නැවත්වීමට එක හේතුවක් විය. කෙසේ නමුත් අලුත් features සහ නව PC games සදහා windows 11 වලට upgrade වීමට කොහොමත් gamersලට සිදු වනු ඇත. Final Fantasy 14 වැනි ක්‍රීඩා ඔක්තෝබර් 14 වන දින Windows 10 සඳහා ප්‍රධාන ධාරාවේ සහාය අවසන් කරනු ඇත.
2026 ජනවාරි 1 වන දින සිට windows 10 32bit usersලට කිසිදු ආකාරයක updates ලබා නොදෙන අතර, 32bit os අදාල කිසිදු ගැටළුවක් සදහා තාක්ෂණික සහය ලබා නොදීමට steam හට නොහැකි වනු ඇත. 2025 Steam hardware survey statment එක අනුව 0,01%කට පමණ පිරිසක් 32bit use කරන බව අනාවරණය විය. Steam පරිශීලකයින්ගෙන් 60.39% ක් විසින් භාවිතා කරන ලද වඩාත්ම ජනප්‍රිය මෙහෙයුම් පද්ධතිය ලෙස Windows 11 64-bit ලැයිස්තුගත කර ඇත. Windows 10 64-bit දෙවන ස්ථානයේ 35.08% ක් ලෙස ලැයිස්තුගත කර ඇත.