ආසාවෙන් Multiplayer ගේම් ගැහුවට ඒකෙ ඉතිහාසය හොයල බැලුවද?
ඉතින් මුලින්ම කතා කරන්න ඕන
Multiplayer ගේම් කියන්නෙ මොකක්ද කියල,
Multiplayer ගේම් කියන්නෙ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට එකවර සම්බන්ධ වෙලා සෙල්ලම් කරන්න පුළුවන් ගේම් (දෙදෙනෙකුට හෝ කීපදෙනෙකුට)
ඉතින් මෙය වර්තමානය වන විට ගෝලීය සමාජ මාධ්‍ය ජාලයක් මොකද අපි ඒකෙන් කොච්චර නම් යාළුවෝ අදුරගෙන තියෙයිද ඒ වගේම දැන් ඒක දැවැන්ත වෘත්තීය කර්මාන්තයක් (Esports).
ඉතිහාසය සහ ප්‍රධාන වර්ග
පරිණාමය: ආරම්භයේදී එකම තිරයක් බෙදාගෙන සෙල්ලම් කරපු (Split-screen) යුගයෙන් ඇරඹී, LAN ජාල හරහා සම්බන්ධ වී පස්සෙ අන්තර්ජාලය ඔස්සේ මුළු ලෝකයම යා කරන Online ක්‍රීඩා දක්වා දැන් අපිට මාර විදිහට දියුණුවක් බලාගන්න පුළුවන් .
ඉතින් මේ multiplayer ගේම් අපිට වර්ග දෙකක් බලාගන්න පුළුවන්.
PvP (Player vs Player):
- ඒ කියන්නෙ ක්‍රීඩකයන් එකිනෙකා අතර තරඟ කිරීමක් දැකගන්න පුළුවන් ඒ රෑන්ක් up කරන්න වගේ දේවල්වලට අපි පිස්සුවෙන් වගේ ගහන Valorant, PUBG, Dota 2, Fortnite වගේ ගේම් තමයි අපිට මේ වර්ගෙට දාන්න පුළුවන්.
Co-op (Player vs Environment)
- ඒ කියන්නෙ කණ්ඩායමක් ලෙස එක්ව පරිගණක සතුරන්ට එරෙහිව සටන් කිරීම මේකෙදි අපිට කණ්ඩායම් හැගීම නැත්නම් දිනන්න අමාරුයි ඉතින් ඒකෙදිත් අපි පිස්සුවෙන් වගේ ගහන Left 4 Dead, Destiny 2, warframe වගේ ගේම් තමයි මේ වර්ගෙට අයිති.
ඉතින් අපි ඊළඟට කතා කරමු නූතන multiplayer ගේම්වල ලක්ෂණ සහ එහි සමාජීය බලපෑම ගැන
තාක්ෂණය: තාක්ෂණය ගැන කතා කරොත් එය තරඟ සාධාරණත්වය සඳහා ඕනැ Matchmaking පද්ධති, වේදිකා කිහිපයක් අතර සම්බන්ධ විය හැකි Crossplay පහසුකම සහ නිරන්තර Live-service යාවත්කාලීන කිරීම් multiplayer ගේම් වලට අනිවාර්යයෙන්ම ඕනැ.
සමාජීය බව: ඉතින් multiplayer ගේම් කියන්නෙ තනිකර ක්‍රීඩා පමණක් නොව අද Discord සහ Streaming (YouTube/Twitch) හරහා යාළුවෝ හමුවෙන හා අදහස් හුවමාරු කරගන්න සමාජ මාධ්‍යයක් ලෙසද වගේම ඒක සල්ලි හම්බ කරන මාධ්‍යයක්.
ඉතින් අපි ඊළඟට බලමු මේ multiplayer ගේම් අද වෙද්දි මුහුණ දෙන අභියෝග සහ ගැටලු මොනවද කියල
- ඉතින් අද ක්‍රීඩකයන් අතර පවතින අසභ්‍ය හා හානිකර හැසිරීම් (Toxicity) නිසා මේ multiplayer ගේම් ටිකෙන් ටික විනාශ වෙනවා.
- ඒ වගේම multiplayer ගේම් වංචා සහගත මෘදුකාංග (Hacks/Cheats) වලට ඒ කියන්නෙ හැක් වීම් වලට ලක් වෙනවා.
- ඒ වගේම අන්තර්ජාල වේගයේ පවතින ගැටලු නිසා (Lag/Ping) සහ අධික ලෙස මුදල් අයකරන (Pay-to-win) විදිහත් එක්ක බලපුවහම අද වෙද්දි මේ multiplayer ගේම් සමාජයේ එක්තරා විදිහකට පිරිහෙමින් යනවා.
ඊළඟට කතා කර යුතුම දෙයක් තමයි මේ multiplayer ගේම් වල අනාගතය කොහොමද කියන එක.
- අද AI තාක්ෂණය මේ multiplayer ගේම්වල ඉන්න වංචාකරුවන් හඳුනා ගන්න සහ multiplayer ගේම්වල ගුණාත්මක බව වැඩි කරන්න යොදා ගන්නවා.
- ඒ වගේම Cloud & VR වලින් අධිවේගී Cloud Gaming සහ වෙනමම real අත්දැකීම් ලබා දෙන තරමටම අනාගතයේ මේ multiplayer ගේම් දියුණු වෙයි කියල විශ්වාස කරන්න පුළුවන්.
- ඒ වගේම සීමා මායිම් නැති වීම: PC, Console සහ Mobile යන ඕනෑම මෙවලමකින් අනාගතයේ ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකි ක්‍රමවේද සහ වඩාත් විශාල (Massive) ගේම් ලෝක නිර්මාණය වෙයි කියලත් අපිට හිතන්න පුළුවන්.
ඉතින් Multiplayer ගේම් කියන්නෙ තනිකරම විනෝදාංශයක් කියල හිතන්නැතුව තාක්ෂණය හා සමාජීය සම්බන්ධතාව එකතු වෙච්ච වෙනමම ලෝකයක් කියල මම කියන්න කැමතියි.
By Uditha