Motion Picture Mafia Studio

Ad 1
🌙 ☀️

ලෝකයේ මෙතෙක් බිහිවුණු හොඳම සොම්බි ගේම්ස් 10ක්

main

අද අපි කතා කරන්න යන්නේ ගේමින් ලෝකයේ කවදාවත් එපා වෙන්නේ නැති, හැම තත්පරයකම ඇඩ්‍රිනලින් වැඩි කරන සොම්බි ගේම්ස් ගැන. ඔයා ඇක්ෂන්වලට වගේම ලස්සන ස්ටෝරි එකකට ආස කෙනෙක් නම්, මේ ලිස්ට් එකේ තියෙන ගේම්ස් අනිවාරෙන්ම try කරලා බලන්න..

10. State of Decay 2

මේක නිකන්ම සොම්බින්ට වෙඩි තියන ගේම් එකක් නෙවෙයි. මෙතනදී ඔයාට සිද්ධ වෙනවා තමන්ගේම කණ්ඩායමක් හදාගෙන නවාතැන්පොළක් පාලනය කරන්න. කෑම, බෙහෙත් සහ ආයුධ හොයාගන්න කරන අරගලය අතරේ, ඔයාගේ කණ්ඩායමේ කෙනෙක් මැරුණොත් එයා සදහටම ඔයාට අහිමි වෙනවා. ඒ නිසා හැම තීරණයක්ම මාරම වටිනවා.

Buy State of Decay 2

State of Decay 2 Trailer

09. World War Z

ඔයා එකවර සොම්බි දහස් ගණනක් එක්ක සටන් කරන්න ආසද? එහෙනම් මේක තමයි ඔයාට ගැළපෙනම ගේම් එක. ෆිල්ම් එකේ වගේම ලොකු සොම්බි රංචු කඳු වගේ එක පිට එක නැගලා ඔයා ඉන්න තැනට කඩා වදිනවා. යාළුවෝ හතර දෙනෙක් එක්ක එකතු වෙලා මේ විනාශයෙන් බේරෙන්න කරන සටන මාරම ආතල්.

Buy World War Z

World War Z Trailer

8. Dead Island 2

අවුරුදු ගණනාවක බලාපොරොත්තුවකට පස්සේ ආපු මේ ගේම් එක තාමත් gamersලා අතරේ මාරම hype. මේකේ තියෙන්නේ ලස්සන, colorful කැලිෆෝනියාවේ පරිසරයක්. හැබැයි ඒ අතරේ ඉන්න සොම්බින්ට පට්ට විදිහට පහර දීලා විනාශ කරන්න පුළුවන් "Gore system" එකක් මේකේ තියෙනවා. ආතල් එකේ සොම්බින්ට පහර දෙන්න කැමති අයට මේක සුපිරි.

Buy Dead Island 2

Dead Island 2 Trailer

7. The Walking Dead (Telltale Series)

ඔයා ස්ටෝරි එකක් තියෙන ගේම්ස්වලට ආස නම්, මේක මගහැරගන්න එපා. මෙතනදී වැදගත් වෙන්නේ වෙඩි තැබීමට වඩා ඔයා ගන්න තීරණයි. ඔයා ගන්න පුංචි තීරණයක් නිසා කතාවේ ඉන්න චරිතවල ජීවිත වෙනස් වෙන්න පුළුවන්. මේක ඇස්වලට කඳුළු එන තරමටම හැඟීම්බර කතාවක්.

Buy The Walking Dead (Telltale Series)

The Walking Dead (Telltale Series) Trailer

6. Project Zomboid

මේක ටිකක් වෙනස් ගේම් එකක්. "Hardcore survival" අත්දැකීමක් ඕනේ අයට මේක මරු. මේකේ graphics සරල වුණාට, ජීවත් වෙන්න තියෙන අභියෝගය මාරම වැඩියි. පොඩි හීරීමක් වුණත් ඔයාගේ අවසානය වෙන්න පුළුවන්. මේකේ ඔයාට හැමදේම මුල ඉඳන්ම ඉගෙන ගන්න වෙනවා.

Buy Project Zomboid

Project Zomboid Trailer

5. Left 4 Dead 2

සොම්බි ගේම්ස් ලෝකයේ "King of Co-op" විදිහට සලකන්නේ Left 4 Dead 2. යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න මීට වඩා හොඳ ගේම් එකක් තවත් නැහැ. පරණ වුණත් අදටත් මේකේ තියෙන replay value එක සහ gameplay එක පට්ටම කොලිටියි.

Buy Left 4 Dead 2

Left 4 Dead 2 Trailer

4. Days Gone

ලස්සන Open World එකක තමන්ගේම මෝටර් බයික් එකකින් සංචාරය කරන අතරතුර, ලොකු සොම්බි රංචු (Hordes) වලට මුහුණ දෙන්න මෙතනදී සිද්ධ වෙනවා. මේකේ තියෙන "Horde mechanic" එක නිසා එකවර සොම්බි 500ක් විතර ඔයා පස්සෙන් එළවනකොට දැනෙන බය විස්තර කරන්න බැහැ.

Buy Days Gone

Days Gone Trailer

3. Dying Light 2 Stay Human

මේකේ විශේෂත්වය තමයි පාකර් (Parkour) කලාව. ගොඩනැගිලි උඩින් පැන පැන සොම්බින්ගෙන් බේරෙන්න ඔයාට පුළුවන්. දවල් කාලයට වඩා රාත්‍රී කාලය මේ ගේම් එකේදී හරිම භයානකයි. "Stay Human" කියන එකේ meaning එක ඔයාට මේ ගේම් එක ප්ලේ කරද්දී හොඳටම තේරෙයි.

Buy Dying Light 2 Stay Human

Dying Light 2 Stay Human Trailer

2. Resident Evil 4 (Remake)

සොම්බි ගේම්ස් කිව්වම Resident Evil අමතක කරන්න බැහැ. Franchise එකේ හොඳම නිර්මාණය වුණු RE4 හි අලුත්ම Remake එක මාරම quality. ලියොන් කෙනඩිගේ වීරකම් සහ අද්භූත ගම්මානයක තියෙන බය හිතෙන වයිබ් එක අත්විඳින්න මේක හොඳම අවස්ථාවක්.

Buy Resident Evil 4 (Remake)

Resident Evil 4 (Remake) Trailer

1. The Last of Us (Part I & II)

පළවෙනි තැන ලැබෙන්නේ අනිවාර්යයෙන්ම මේකටයි. මේක නිකන්ම සොම්බි ගේම් එකක් නෙවෙයි, මේක මනුෂ්‍යත්වය සහ ආදරය ගැන කියවෙන මහා කාව්‍යයක් වගේ නිර්මාණයක්. මේකේ තියෙන graphics, musics සහ හිතට තදින්ම දැනෙන ස්ටෝරි එක නිසා මේක ලෝකයේ හොඳම ගේම්ස් අතර අංක එකට තියෙනවා. ඒ වගේම ඔයාට Last of Us Part 1, game එක තවත් විස්තර ඕනා මේ Link එකෙන් ගිහින් බලන්න පුලුවන්.

Part 1 | Part 2

The Last of Us Part 1 Trailer

The Last of Us Part 2 Trailer

ඉතින්, මේ ගේම්ස් 10 අතරින් ඔයා වැඩියෙන්ම ප්ලේ කරන්න ආස මොන එකටද? එහෙම නැත්නම් ඔයා මේ වෙද්දී ප්ලේ කරලා තියෙන හොඳම සොම්බි ගේම් එක මොකක්ද? පහළින් කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක බෙදාගන්න. ඒ වගේම මේ games වල game wise details ඕනා නන් ඒකත් පහලින් add කරන්න.

💬 Comments