අද අපි කතා කරන්න යන්නේ ගේම් එකක් වුණත්, next level ෆිල්ම් එකක් බලනවා වගේ අත්දැකීමක් දෙන, හදවතටම දැනෙන කතාවක් ගැන. ඒ තමයි The Last of Us. මේක නිකන්ම ගේම් එකක් නෙවෙයි, මේක මනුෂ්‍යත්වය, ආදරය සහ ජීවත් වෙන්න කරන අරගලය ගැන කියවෙන මාරම ගමනක්.
කතාව පටන් ගන්නේ ලෝකයම අමුතුම විදිහේ දිලීර (Fungal Outbreak) වසංගතයකින් විනාශ වෙලා ගිය කාලෙක. මේ දිලීරය ශරීරගත වුණාම මිනිස්සු හිතක් පපුවක් නැති, අමුතුම විදිහේ බිහිසුණු සත්තු කොට්ඨාසයක් බවට පත් වෙනවා (Zombies ලා වගේ, හැබැයි ඊට වඩා භයානකයි).
මේ විනාශය වෙලා අවුරුදු 20කට පස්සේ, තමන්ගේ දුවව අහිමි වෙච්ච, හිත හදාගන්න බැරුව ඉන්න ජොයෙල් (Joel) කියන කෙනාට පට්ටම වැඩක් භාර වෙනවා. ඒ තමයි එලී (Ellie) කියන අවුරුදු 14ක ගැහැණු ළමයව ආරක්ෂිතව ඇමරිකාව හරහා එක්කන් යන එක.
එලී තමයි මේ ලෝකේ ඉන්න එකම බලාපොරොත්තුව. මොකද එයාට අර ලෙඩේ හැදෙන්නේ නැහැ. එලීගේ සිරුරේ තියෙන ප්‍රතිශක්තිය පාවිච්චි කරලා මුළු ලෝකයටම බෙහෙතක් (Vaccine) හදන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
තාත්තා කෙනෙක් සහ දුවෙක් වගේ බැඳීම: ජොයෙල් මුලින් මේ වැඩේ කරන්නේ සල්ලිවලට වුණත්, ටිකෙන් ටික එයාට එලීව තමන්ගේම දුව වගේ දැනෙන්න ගන්නවා. කතාව පුරාම මෙයාලගේ ඒ බැඳීම ගොඩනැගෙන හැටි දකිද්දී ඕනෑම කෙනෙක්ගේ හිත උණු වෙනවා.
Survival සහ Stealth: ගේම් එකේ හැම වෙලාවකම අපිට සටන් කරන්න වෙන්නේ හරිම අඩුවෙන් තියෙන weapons එක්ක. ඒ හින්දා හැම වෙලාවකම බයෙන්, කුතුහලයෙන් තමා සෙල්ලම් කරන්න වෙන්නේ.
දුෂ්ටයෝ කවුද? මේ ගේම් එකේදී අපිට පේනවා අර "Zombies" ලට වඩා භයානක වෙන්නේ තමන්ගේ වාසිය විතරක් බලන අනිත් මිනිස්සු කියලා. ඒක හරිම ගැඹුරින් පෙන්වනවා
මේ කතාවේ අවසානය ගැන අදටත් gamers ලා අතර ලොකු විවාද තියෙනවා. ජොයෙල් ගත්ත තීරණය හරිද වැරදිද? ඒක ඔයාලම බලලම තීරණය කරන්න ඕන දෙයක්.
ඔයා මේ game එක play කරලා නැති වුනත් , මේ ගේම් එකේ ස්ටෝරි එක අනිවාර්යයෙන්ම YouTube එකේ හරි බලන්න. මොකද මේකේ තියෙන Motion Captures සහ දෙබස් මාරම quality එකට කරලා තියෙනවා. හදවතටම දැනෙන, අවසානයේදී ඔයාව ගොළු කරවන විදිහේ story එකක් තියන game එකක් හොයනවා නන් අනිවාරෙන්ම The Last of Us try කරලා බලන්න.
Buy The Last of Us Part I
Steam | Epic Games | Play Station