Motion Picture Mafia Studio

Ad 1
🌙 ☀️

Vinland Saga | Viking යුගයේ පළිගැනීමෙන් සාමයට යන Thorfinnගේ ගමන

vinland-sage

ඔන්න Guys අද ගෙනවා තවත් ලස්සන anime එකක් වුන Vinland Saga එක ගැන.

Vinland Saga කියන්නේ Makoto Yukimuraගේ manga එක මත base වූන, 11වැනි සියවසේ Viking යුගය ඇතුළේ සිදුවෙන historical action කතාවක්, හැබැයි ඒක “සටන්” විතරක්ම නෙවෙයි... මේ anime එකේ තියෙන්නේ හිංසාවට ඇබ්බැහි වුන ලෝකයකින් සාමය/true peace හොයන මනුස්සයෙක් ගැනයි: ඇත්තටම ශක්තිය කියන්නේ කඩුවෙන් ජයගන්න එකද, නැත්නම් කඩුව අතහැරලා ජීවිතයක් ගොඩනඟන එකද?

Viking ලෝකයේ මැදින් පටන් ගන්න Thorfinnගේ පළිගැනීම

කතාවේ ප්‍රධාන චරිතය Thorfinn. Thorfinnගේ තාත්තා Thors මැරෙන්නේ Thorfinnගේ ඇස් ඉස්සරහමයි, ඒ වෙනකොට Thorfinnට අවුරුදු 6ක් විතර ඇති. කොච්චර පොඩි වුනත් Thorfinnගේ එකම අරමුණ වුනේ තාත්තා මරපු එකේ පලිය ගන්න එක. ඒ revenge එකේ target එක වුනේ බලවත්, නපුරු, එක වෙලාවට අමුතු ගැඹුරක් තියෙන චරිතයක් වුන Askeladd

vinland-saga2

යුද්ධය, හිංසාව, පළිගැනීම, වහල්කම, සහ සාමය

මේ anime එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ mature themes හින්දා:

Yukimuraගේ කතාව, Thorfinnගේ pov එකෙන් හිංසාවෙන් එහාට ගමන් කරන විදිහ දැක්වෙනවා. Thorfinnගේ target එක පලිගැනීමෙන් අයින් වෙලා සාමය තියන Vinland වෙත හැරෙන්නත් මේ දර්ශනයම හේතු වෙනවා.

Season 1 vs Season 2

Season 1: වැඩිපුරම යුද්ධය, දේශපාලනය, සහ Viking සටන් ඒ අතර Thorfinn/Askeladd/Canute වගේ characters build-up වුන විදිය බලාගන්න පුලුවන්. (Studio: Wit Studio)

Season 2: බොහෝ දෙනා “Farmland/Slave arc” කියලා නම් කරපු මේ season එක, emotional growth, පසුතැවීම, සහ pacifism එක්ක ලස්සනට ගලාගෙන යනවා. (Studio: MAPPA)

Season 2 එකට audience එක කැමති වුනේ “එකදිගට action” වෙනුවට, චරිතයක් ඇතුළේ සිදුවෙන වෙනස්වීම දරුණු ලෝකයකට වඩා දරුණු විදිහට පෙන්වපු නිසා, ඒකයි Vinland Saga “modern classics” අතරට දාන ප්‍රධානම හේතුව.

Vinland Saga බලන්නම ඕන ඇයි?

Season 3 Production Start කරලා තියනවා කියලා rumor තිබ්බත් Makoto Yukimura නන් කියන්නේ ඒ ගැන එයාට කිසිම තොරතුරක් ඇවිල්ලා නෑ කියලා. Let's see.

By SANA

WhatsApp