 
    ඔන්න Guys අද ගෙනවා ඔයාලා කවුරුත් දන්න Narutoගේ Clan එක වන Uzumaki Clan එක ගැන.
Uzumaki කියන නමේ තේරුම තමා "whirpool" or "spiral" ඒ කියන්නේ සුළිය වගේ අදහසක් තමා සින්හලෙන් ගත්තොත් එන්නේ. ඒ වගේම Uzumaki Clan එකේ සංකේතය වෙලා තියෙන්නෙත් සුලියක්.
Uzumaki Clan එකේ membersලා එකතු වෙලා ජීවත් වුන village එකේ නම තමා Uzushiogakure කියන්නේ තනි clan එකක ගමක් කියන්නේ කොච්චර powerful clan එකක්ද කියලා හිතලා බලන්නකෝ.
සාමාන්‍යයෙන් Uzumaki members ලට දීප්තිමත් රතු කොන්ඩයක් තියනවා(හැබැයි Naruto, Boruto සහ Himawariට තියෙන්නේ වෙනස් කොන්ඩයක් (blond&black)). ඒ වගේම uzumaki කෙනෙක් කියන්නේ ගොඩක් powerful life forces සහ chakra(චක්‍ර) තියන අය. Normal shinobiලාට වඩා uzumakiලගේ power එක ගොඩක් වැඩියි.
Asura Ōtsutsuki ගෙන් පැවත එන uzumaki වරු Senju clan එකත් එක්ක blood relation තිබිලා තියනවා. Mito Uzumaki සහ Hashirama Senju ගේ විවාහය ඒකට හොද උදාහරණයක්. ඒ වගේම Konohagakure(Hidden Leaf) Village එක ආරම්භ කරාට පසසේ Senju තම වංශවල මිත්‍රත්වය පෙන්නන්නට uzumaki සංකේතය Konoha flak jackets වලට එක් කරලා තියනවා. Konoha සහ Uzushiogakure දශක කීපයක් මිතුරන් ලෙස සිටි අතර අවශ්‍යතාවයක් ඇති වුන විට uzumaki, konohaට fūinjutsu(Sealing Techniques) වැනි දේ ලබා දීලා තියනවා. ඒ වගේම කාලයත් එක්කම Uzumaki clan එකේ Uzumaki Clan's Mask Storage Temples, konoha වල දැක ගන්නට ලැබුණි.
fūinjutsu සමග uzumakiලගේ power එක නින්ජා ලෝකය පුරා ඔවුන්ට ගෞරවය සහ බය දෙකම ලබා දුන්නා. කොහොම හරි මෙයාලගේ power එක නිසා 5 Nations එකතු වෙලා Uzushiogakure විනාශ කරා. ඒ attact එකෙන් බේරුනු Mito,Kushina සහ Nagatoගේ දෙමාපියන් ඇතුලු කිහිප දෙනෙක් පැනලා ගිහින් වෙනත් ගම්මානවලට ගිහින් ජීවත් වෙලා තියනවා. ඒ වගේම මේ attact එක Uchiha සහ Senju clan වල විනාශය පාලනය කල නොහැකි ශක්තියට ඇති බිය වන shinobi world එකේ රටාව හොදට පෙන්නනවා.
අපි දැන් කතා කරමු Uzumaki clan එකේ abilities ගැන.
මම මුලිනුත් කිව්වා වගේම uzumakiලට ඇදහිය නොහැකි තරම් strong life-force එකක් තියනවා. ඒ නිසා ඔවුන්ට ඉතා දිගු ආයු කාලයක් සහ ඒ හා සමානව වයසට යාම මන්දගාමී වේ. War එකකින් මැරුන් නැත්නන් මේයාලගේ ආයු කාලය අවුරුදු 80-100 අතර වෙනවා. Mito Uzumaki, Konoha නිර්මානය වෙන්න කලින් ඉපදුනත් තුන්වන හොකාගේ පාලන කාලේ වෙනකන්ම හොදින් ජීවත් වෙලා තියනවා. ඒ වගේ ඇගේ කෙස් වල සම්පූර්ණ වර්ණයම රැදී තිබිලා තියනවා.
ඒ වගේම දිවි ගලවා ගැනීමට සහ වඩාත් දරුණු තුවාල විදදරාගැනීම, ඉතා කෙටි කාලයකින් තුවාල සහ වෙහසට පත්වීමෙන් සුවය ලබා ගැනීමට හැකියාවත් තිබුනා. Tailed Beasts අයින් කරත් ජීවත් වීමේ හැකියාවක් uzumaki clan එකට තිබුනා. uzumakiලට තමන්ගේ චක්‍ර use කරලා ඉක්මනින් තමන්ව heal කරන්නත් අනිත් අයව heal කිරීමේ හැකියාවත් තිබුනි. හැබැයි මේවා daily use කරන එක ටිකක් භයානකයි. ඒ වගේම Karin වගේ සමහර membersලාට පුලුවන් sensory ability use කරන්න. ඒකෙන් එයාලව undetectable කරලා තියාගන්න පුලුවන්.
Mastery of Fūinjutsu (Sealing Techniques)
Tailed beasts, ආත්මයන්ගේ සිට ඉදන් චක්‍ර දක්වා ඕනෑම දෙයක් seal කිරීමේ හැකියාව ඔවුන්ගේ Fūinjutsu දැනුම අනෙකුත් සියලුම වංශ අභිබවා ගියේය. Kushina Uzumaki වගේ membersලාට nine tails(Kurama) පවා පාලනය කරන්න පුලුවන් power එකක් තියෙනවා. මේකට කියන්නේ Adamantine Sealing Chains කියලා. Kuramaව hold කරන් ඉන්නවා කියන්නෙ කොච්චර powerful ඇති කියලා හිතා ගන්න පුලුවන්නේ.
Exceptional Chakra Reserves
uzumakiලගේ විශාල චක්‍ර ප්‍රමාණය නිසා බොහොමයක් uzumakiලා tailed beastsලට jinchūrikiලා වීමේ හැකියාව හිමි වෙලා තියනවා. සහ එවා control කරන්න powerful life energy එකක් තියෙන්නත් ඕනා. Large Chakra Supply එකක් තියන නිසා Uzumaki clan එකේ ගොඩක් අය Five Elements Usersලා.
Tsunade & Sakura ගේ Strenght of a Hundred Seal technique එකෙත් මුල් අයිතිකාරයෝ uzumakiලා තමා. technique එක ගැන කියන්න යන් නෑ Tsunade ගෙයි Sakuraගෙයි වැඩ දැක්කම හිතා ගන්න පුලුවන් නේ.(ඒ වගේම Tsunadeව train කරන්නෙත් Mito Uzumaki)
 
     