ඔයාලා Naruto ඇනිමේ එක බලද්දී හැමෝම වගේ "හොකාගේ" (Hokage) කියන වචනය අහලා ඇති. හැබැයි මේ හැම Hokage කෙනෙක්ටම වඩා ඉහළින්, මුළු ෂිනොබි ලෝකයම ගරු කරන, "ෂිනොබි දෙවියන්" කියලා හඳුන්වන එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි හෂිරාමා සෙන්ජු. එයා තමයි කොනොහගකුරේ (Konohagakure) ගමේ, එහෙමත් නැත්නම් Hidden Leaf වල පලවෙනි Hokage.
හෂිරාමා ඉපදුනේ Senju කියන powerful clan එකේ. ඒ කාලේ ෂිනොබි ලෝකයේ ගම්මාන තිබුණේ නැහැ. තිබුණේ එකිනෙකා සමඟ නිතරම සටන් කරන clan විතරයි. හෂිරාමාගේ පියා තමයි Senju clan නායකයා. හෂිරාමාට තව සහෝදරයෝ තුන්දෙනෙක් හිටියා, ඒ අතරින් ප්‍රසිද්ධම එක්කෙනා තමයි ටොබිරාමා සෙන්ජු (Tobirama Senju), පස්සේ කාලෙක දෙවැනි Hokage වුණේ.
මේ කතාවේ තියෙන ලස්සනම සහ ඛේදවාචකම කොටස තමයි හෂිරාමා සහ මදාරා උචිහා (Madara Uchiha) අතර තිබුණු සම්බන්ධය. මේ දෙන්නා පොඩි කාලේ ගඟක් ලග හමුවෙලා, තමන්ගේ clan මොනවාද කියලා නොදැන, හොඳම යාළුවෝ වුණා. ඔවුන් දෙන්නාගේම හීනය වුණේ මේ නිතරම සිද්ධ වෙන සටන් නවත්තලා, ළමයින්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සාමකාමී ගමක් හදන එකයි.
හැබැයි, තමන්ගේ පියවරුන්ට මේ මිත්‍රකම හසුවුණාම, ඔවුන්ට සටන් කරන්න සිද්ධ වුණා. Senju සහ Uchiha කියන්නේ ලෝකයේ ප්‍රබලම සහ එකිනෙකාට වෛර කරන clan දෙකක්. අන්තිමේදී හෂිරාමා සහ මදාරා තමන්ගේ clan වල නායකයන් වෙලා, එකිනෙකා සමඟ දැවැන්ත සටන් කළා.
දහස් ගණනක් මිනිස්සු මියගිය සටන් වලින් පස්සේ, හෂිරාමා අන්තිමේදී මදාරාට සාම ගිවිසුමක් ඉදිරිපත් කළා. මදාරා ඒකට කැමති වුණා, ඒ නිසා Senju සහ Uchiha ගෝත්‍ර එකතු වෙලා කොනොහගකුරේ ගම නිර්මාණය කළා.
හෂිරාමාට ඕන වුණේ මදාරා පළමු Hokage වෙන්න. හැබැයි ටොබිරාමා සහ ගමේ අනිත් අය හෂිරාමාට කැමති වුණා. හෂිරාමා පළමු Hokage වුණාට පස්සේ, මදාරා හිතුවේ Uchiha clan එකට අසාධාරණයක් වෙයි කියලා. මේ නිසා මදාරා ගම අතහැරලා ගියා.
මෙතැනදී තමයි හෂිරාමාගේ "Will of Fire" (Hi no Ishi) කියන සංකල්පය බිහි වුණේ. ඒකෙන් අදහස් වෙන්නේ, ගමේ ඉන්න හැම කෙනෙක්ම එකම පවුලක් වගේ කියලා හිතලා, ගම ආරක්ෂා කරන්න තමන්ගේ ජීවිතය වුණත් දෙන්න ලෑස්ති වෙන්න ඕනේ කියලා. මේ Will of Fire එක Naruto ලෝකයේ පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන යනවා.
මදාරා ගම අතහැරලා ගිහින්, පස්සේ කාලෙක Kyūbi (Kurama - Nine Tails) සමඟ එකතු වෙලා කොනොහා ගම විනාශ කරන්න ආවා. මෙතැනදී තමයි හෂිරාමා සහ මදාරා අතර Naruto ලෝකයේ සිද්ධ වුණු ප්‍රබලම සටනක් වුණේ. ඒ සටන වුණේ Valley of the End කියන තැනදී.
හෂිරාමා තමන්ගේ Mokuton (Wood Release - මේ ගැන ඔයාලට Kekkei-Genkai Article එකෙන් කියවන්න පුලුවන්.) බලයෙන් Kurama ව පාලනය කරලා, අන්තිමේදී මදාරාව පරාජය කළා. හැබැයි හෂිරාමා හිතුවේ එයාගේ යාළුවාව මරන්න සිද්ධ වුණු එක ලොකු දුකක් කියලා. ඔවුන් දෙන්නා සටන් කරපු තැන අදටත් Naruto ලෝකයේ දැවැන්ත පිළිම දෙකක් තියෙනවා. හෂිරාමාගේ බිරිඳ, මිටෝ උසුමාකි (Mito Uzumaki - මේ ගැන ඔයාලට Uzumaki Clan Article එකෙන් කියවන්න පුලුවන්.), Kurama ව තමන්ගේ ඇඟ ඇතුළේ හිර කරගෙන, පලවෙනි Jinchuriki (ජින්චුරිකි) බවට පත් වුණා.
හෂිරාමා "ෂිනොබි දෙවියන්" කියලා හඳුන්වන්න හේතු කිහිපයක් තියෙනවා:
හෂිරාමාගේ මරණය සිද්ධ වුණේ කොහොමද කියලා හරි විස්තරයක් නෑ. ඒක Naruto කතාවේ තියෙන තවත් එක රහසක්. හැබැයි, එයාගේ Will of Fire එක, එයාගේ Cells වල බලය, සහ එයා නිර්මාණය කරපු කොනොහා ගම අදටත් Naruto ලෝකයේ පදනම විදිහට පවතිනවා. එයාගේ මිණිබිරිය තමයි පස්සේ කාලෙක පස්වැනි Hokage වුණු Tsunade.
මොනාද මේ Kekkei-Genkai කියන්නේ?
ඔයාලා හිතන්නේ Naruto ලෝකයේ හිටපු ප්‍රබලම Hokage හෂිරාමා ද? එයාගේ බලය ගැන ඔයාලගේ අදහස මොකක්ද? පහළින් comment කරන්න!
💬 Comments