Motion Picture Mafia Studio

Ad 1
🌙 ☀️

The First Night with the Duke (2025) – මෙන්න මේක නම් නියම "Guilty Pleasure" Series එකක්!

duke
🎧 Listen to this article
0:00 / 0:00
Tip: You can seek using the slider and change speed using the dropdown.

අද මම අරන් ආවේ නිකන්ම නිකන් K-Drama එකක් නෙවෙයි, මාරම විහිලු වගේම හුස්ම හිරවෙන තරම් රොමෑන්ටික් කතාවක්. මේක Webtoon එකක් විදිහටත් මාරම ජනප්‍රිය වුණා. පරණ කාලේ (Joseon Era) කතාවක් වුණාට මේකේ ඉන්න කෙල්ල නිසා මුළු කතාවම පිස්සුවක් වෙනවා.

Ratings

මොකක්ද මේ කතාව? (The Plot & Chaos)

මේ කතාව පටන් ගන්නේ අපේ කාලේ ඉන්න සාමාන්‍ය යුනිවර්සිටි යන කෙල්ලෙක්ගෙන්. එයා අහම්බෙන් තමන් ආසම කරන Novel එකක් ඇතුළට වැටෙනවා. හැබැයි එයා වැටෙන්නේ ප්‍රධාන නිළිය විදිහට නෙවෙයි, කතාවට කිසිම වැදගත්කමක් නැති Cha Seon-chaek (Seohyun) කියන සයිඩ් චරිතයට.

එයාගේ ප්ලෑන් එක වුණේ සද්ද නැතුව මේ කතාවේ ආදර කතාව දිහා බලාගෙන ඉන්න එක. හැබැයි ඉතින් බොන වෙලාවට වෙන වැඩනේ! එක රෑක මෙයා හොඳටම බීලා Novel එකේ ඉන්න දරුණුම වගේම කවුරුත් බය ප්‍රධාන නළු Prince Yi Beon (Ok Taec-yeon) එක්ක රෑයක් ගත කරනවා. පහුවදා ඇහැරෙනකොට තමයි වැඩේ තේරෙන්නේ—මෙයා කතාවේ ප්‍රධාන නළුගේ "First Night" එක හොරකම් කරලා!. දැන් ඉතින් අර දරුණු කුමාරයා මෙයාව බඳින්නමයි හදන්නේ.

Main Characters (ප්‍රධාන චරිත)

Cha Seon-chaek (Seohyun): අපේ කාලේ කෙල්ලෙක්. මේ පරණ කාලේ ඇතුළේ කොක්ටේල් හද හද මාරම පිස්සුවක් නටන්නේ. Seohyun ගේ කොමඩි රංගනය නම් සුපිරි!

Prince Yi Beon (Ok Taec-yeon): රජතුමාගේ දරුණුම "Hunting Dog" විදිහට හඳුන්වන කුමාරයා. හැබැයි කෙල්ල හම්බුණාට පස්සේ මෙයා ආදරයෙන් පිස්සු වෑටෙනවා.

Cho Eun-ae (Kwon Han-sol): Novel එකේ ඇත්තම ප්‍රධාන නිළිය. අපේ කෙල්ල හදන්නේ කොහොම හරි කුමාරයව ආයෙත් මේ කෙල්ලට සෙට් කරන්නයි.

Series Details

ඇයි මේක බලන්න ඕනේ? (Why it's a Must Watch)

Sizzling Chemistry: Taec-yeon සහ Seohyun දෙන්නා අතර තියෙන Chemistry එක නම් පිස්සු හැදෙනවා. දෙන්නා අතර තියෙන "Hot" සීන් නිසා මේක ටිකක් වෑඩිපුර රසයි.

Pure Comedy: අර පරණ කාලේ මිනිස්සු අස්සේ අපේ කෙල්ල කරන නවීන පන්නයේ වැඩ (Truth or Dare සෙල්ලම් කරන එක වගේ) නිසා බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන්.

No-Brainer Watch: හිතට ලොකු බරක් නැතුව, හිනාවෙලා, ආදරේ විඳලා බලන්න පුළුවන් නියම කතාවක්.

ඉතින් ඔයාලත් sad ending කතා නැතුව, නියම Romance එකක් එක්ක සතුටින් බලන්න Drama එකක් හොයනවා නම්, අදම The First Night with the Duke බලන්න පටන් ගන්න.

By ima

Voice Oshi

The First Night With the Duke | Official Trailer

WhatsApp