ඔන්න Westeros පිස්සන්ට 2026 වසරේ ලැබෙන සුපිරිම තෑග්ග තමයි මේ. GOT (Game of Thrones) සහ HOTD (House of the Dragon) බැලුවට පස්සේ අපි හැමෝම මග බලන් හිටපු ඒ ලෝකයේම තවත් පැත්තක් මේ කතාවෙන් බලාගන්න පුළුවන්.
Ratings (දැනටමත් සුපිරි!)
මේ series එක පදනම් වෙන්නේ George R.R. Martin ගේ "Tales of Dunk and Egg" කියන novella (කෙටි නවකතා) පෙළ මතයි. විශේෂයෙන්ම මේ පළවෙනි සීසන් එක වෙන් වෙන්නේ එහි එන "The Hedge Knight" කියන පළවෙනි පොත වෙනුවෙන්.
මේ කතාව සිද්ධ වෙන්නේ GOT (Game of Thrones) සිදුවීම් වලට අවුරුදු 100 කට විතර කලින්. ඒ වගේම HOTD (House of the Dragon) වලට අවුරුදු 70 කට විතර පස්සේ. The Era: Targaryen රජපෙළපත තාමත් ලෝකය පාලනය කරන කාලේ. හැබැයි මකරුන් නම් මේ කාලේ වෙනකොට Westeros වලින් වඳ වෙලා ගිහින්.
Ser Duncan the Tall (Dunk): තමන්ගේ ස්වාමියා මැරුණට පස්සේ නියම නයිට්වරයෙක් වෙන්න උත්සාහ කරන අවංක, ටිකක් විතර "thick" හැබැයි හදවත හොඳ තරුණයෙක්. Egg: Dunk ගේ squire විදිහට එකතු වෙන පොඩි ළමයා. මෙයා නිකන්ම ළමයෙක් නෙවෙයි, Targaryen ලේ තියෙන රහස් කුමාරයෙක්!
Series Details & Release Schedule
අපි කලින් බලපු GOT (Game of Thrones) වල තිබුණේ ලොකු ලොකු මාලිගා අස්සේ කෙරෙන දේශපාලන කුමන්ත්‍රණ. හැබැයි මේකේ තියෙන්නේ Grounded Adventure එකක්. ලොකු යුද්ධ වෙනුවට මෙතන තියෙන්නේ නයිට්වරුන්ගේ තරඟ සහ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතයයි. මකරුන් නැති වුණත් කතාවේ කුතුහලය (Suspense) නම් උපරිමයි.
HBO ආයතනය දැනටමත් Season 2 සඳහා අවසර දීලා තියෙන්නේ. ඒක 2027 වසරේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක පදනම් වෙන්නේ දෙවැනි පොත වෙන "The Sworn Sword" මතයි.
ඉතින් ඔයාලත් මේ අලුත්ම fantasy adventure එක බලන්න අදම එකතු වෙන්න!