Motion Picture Mafia Studio

Ad 1
🌙 ☀️

Terrifier 4 Official Update in Sinhala

Terrifier

ඔන්න Horror movies බලන්න ආස කරන අයට ටිකක් දුක හිතෙන ඒත් කුතුහලය පිරුණු අලුත්ම ආරංචියක් ඇවිත් තියෙනවා. ඒ තමයි ලෝකය පුරාම "Art the Clown" හරහා භීතියක් ඇති කරපු Terrifier චිත්‍රපට මාලාවේ අවසානය ගැන.

අද අපි කතා කරන්න යන්නේ Horror සිනමාවේ අමුතුම පෙරළියක් කරපු, බැලුවම ඇඟ හිරිවැටෙන තරම් භයානක Terrifier චිත්‍රපට මාලාවේ අනාගතය ගැන. මෑතකදී සමාජ මාධ්‍ය හරහා පැතිරුණු විවිධ කටකතා බොරු කරමින්, මෙහි අධ්‍යක්ෂ ඩේමියන් ලියෝන් විසින් අතිශය වැදගත් පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා.

Terrifier 4: මේක තමයි අවසානය!

ඔයා මීට කලින් Terrifier චිත්‍රපට බලලා තියෙනවා නම්, "Art the Clown" ගේ ඒ බියකරු හැසිරීම් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැන් ලැබෙන අලුත්ම තොරතුරු අනුව, Terrifier 4 තමයි මේ චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය (Finale) වෙන්නේ. ඩේමියන් පවසන විදිහට මේක ඔහු ලියපු "වඩාත්ම වටිනා" වගේම "අතිශය අභියෝගාත්මක" තිර පිටපතයි.

script එක ලියලා ඉවරද?

ඔව්, ඩේමියන් තහවුරු කරන විදිහට Terrifier 4 හි තිර පිටපත මේ වෙද්දී සම්පූර්ණ වෙන්න ඉතාමත් ආසන්නයි. ඒ වගේම මේ එන Spring Season එකේ මෙහි පෙර නිෂ්පාදන කටයුතු (Pre-production) ආරම්භ කරන්න සියල්ල සූදානම් කරලා තියෙනවා. හැබැයි තවමත් මේ චිත්‍රපටය රිලීස් වෙන නිල දිනයක් ප්‍රකාශ කරලා නැහැ.

ඇයි මේක මෙච්චර Special වෙන්නේ?

අධ්‍යක්ෂවරයා පවසන්නේ මේක නිකන්ම නිකන් තවත් එක sequel එකක් නෙවෙයි කියලා. වසර ගණනාවක් පුරා ඔවුන් එක්ක හිටපු නළු නිළියන්ට වගේම, මේ චිත්‍රපට මාලාවට පණ වගේ ආදරය කරපු රසිකයන්ට කවදාවත් අමතක නොවන විදිහේ නිමාවක් (Finale) ලබා දෙන්න ඔහු උපරිමයෙන් උත්සාහ කරනවා.

ඔහු රසිකයන්ගෙන් ඉල්ලන්නේ ඔහු විසින් නිල වශයෙන් තහවුරු කරන තෙක් කිසිම ව්‍යාජ තොරතුරක් විශ්වාස කරන්න එපා කියලයි.


Art the Clown ගේ භීෂණය අවසන් වෙන්නයි යන්නේ. Terrifier 2 සහ 3 චිත්‍රපට ලබාගත්තු අතිමහත් සාර්ථකත්වයත් එක්ක, මේ හතරවෙනි චිත්‍රපටය Horror සිනමා ලෝකයේ මහා පෙරළියක් කරාවි කියලා හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින්, ඔයා ලෑස්තිද Art the Clown ගේ අවසාන movie එක බලන්න? Art the Clown ගේ මේ භයානක ගමන Terrifier 4 එකෙන් අවසන් වෙන එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලව වැඩියෙන්ම බය කරපු Terrifier මූවී එක මොකක්ද? පහළින් කමෙන්ට් එකක් දාන්න!

By SANA

💬 Comments

WhatsApp