Motion Picture Mafia Studio

Ad 1
🌙 ☀️

John Wick New AAA Video Game Explained in Sinhala - ජෝන් වික්ගේ අලුත්ම ගේම් එක

john wick

ඔන්න එහෙනම් gaming ලෝකයේ මෑතකදී ඇහුණු පට්ටම ආරංචියක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. "බබා යාගා" (Baba Yaga) එහෙමත් නැත්නම් අපි හැමෝම ආදරේ කරන John Wick ගේ අලුත්ම වීඩියෝ ගේම් එක ගැන දැන් තොරතුරු එළියට එන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම Reveal Trailer එක මේ වෙද්දී released වෙලා තියනව.

ඔයා John Wick ෆිල්ම්ස්වල තියෙන ඒ නන්-ස්ටොප් ඇක්ෂන්වලට ආස කෙනෙක් නම්, මේක ඔයා අනිවාර්යයෙන්ම බලන් ඉන්න ඕන ගේම් එකක්.

මොකක්ද මේ John Wick ගේම් එක?

ලයන්ස්ගේට් (Lionsgate) ආයතනය නිල වශයෙන්ම තහවුරු කරලා තියෙනවා මෙයාලා මේ වෙද්දී John Wick වෙනුවෙන්ම වෙන්වුණු දැවැන්ත AAA (Triple-A) වීඩියෝ ගේම් එකක් නිර්මාණය කරමින් ඉන්නවා කියලා. මීට කලින් John Wick Hex වගේ පොඩි ගේම්ස් තිබුණත්, මේ සැරේ එන්නේ පට්ටම බජට් එකක් දාලා හදන, ලොකු graphics තියෙන ගේම් එකක්.

අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

Gun-Fu ඇක්ෂන්: John Wick කිව්වම අපිට මතක් වෙන්නේ අමුතුම විදිහේ වෙඩි තැබීමේ කලාවනේ. ඉතින් මේ ගේම් එකේදීත් අපිට ඒ වගේම වේගවත්, tactical සටන් ක්‍රම අත්විඳින්න ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.

The Continental ලෝකය: ෆිල්ම් එකේ අපි දැකපු අර අභිරහස් "High Table" එක, මිනීමරුවන්ගේ හෝටලය වුණු "Continental" වගේ දේවල් මේ ගේම් එකේදී අපිට ඇස් පනාපිට දකින්න සහ ඒ ලෝකයේ සැරිසරන්න ලැබෙන එක පට්ටම අත්දැකීමක් වෙයි.

Graphics: අලුත්ම Unreal Engine 5 වගේ තාක්ෂණයන් පාවිච්චි කරලා මේක හදන නිසා, ජෝන් වික්ගේ පෙනුම සහ ඒ අඳුරු නගරවල දර්ශන හරිම තාත්වික විදිහට අපිට බලාගන්න පුළුවන් වෙයි.

ඇයි මේ ගේම් එක Special වෙන්නේ?

අපි ගොඩක් දෙනෙක් ආසයි ජෝන් වික් වගේ සටන් කරන්න. ගොඩක් ගේම්ස්වල (උදාහරණයකට Max Payne හෝ Sifu) ජෝන් වික්ගේ වයිබ් එක තිබුණට, නිල වශයෙන්ම ජෝන් වික් විදිහට ප්ලේ කරන්න ලැබෙන එක ගේමර්ස්ලාට මාරම ගැම්මක්. මේකේ ස්ටෝරි එක ෆිල්ම්ස්වලට සම්බන්ධ වෙයිද නැත්නම් අලුත්ම කතාවක් වෙයිද කියලා තවම හරියටම දන්නේ නැතත්, ජෝන් වික්ගේ ඒ අඳුරු අතීතය ගැන ගේම් එකේදී වැඩිපුර දැනගන්න ලැබෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන්...

ඔයා ෆිල්ම් එකේ දැකපු ඒ "One-man army" අත්දැකීම ගේම් එකක් ඇතුළේ සිරාවටම විඳින්න කැමති නම්, මේ John Wick ගේම් එක එනකම් ඇඟිලි ගැන ගැන ඉන්න වෙයි. තවම මේකේ රිලීස් වෙන දවසක් ගැන නිල වශයෙන් කියලා නැතත්, මේක ගේමින් ලෝකයේ පෙරළියක් කරන ගේම් එකක් වෙන එක නම් sure.

ඉතින්, ඔයා ලෑස්තිද "පැන්සලකින්" පවා සටන් කරන්න පුළුවන් ලෝකයේ දරුණුම මිනීමරුවා වෙන්න? ඒ වගේම මේ වෙද්දී Official Reveal Trailer එක released වෙලා තියනවා බලපු නැති අයට පහලින් trailer එක add කරලා තියනවා.

By SANA

Untitled John Wick Game - Official Reveal Trailer

WhatsApp