Motion Picture Mafia Studio

🌙 ☀️

Top Survial Games

Top Survival Games

එකම විදියේ survival games නිර්මාණය වෙන්නේ ඉතාම කලතුරකින්. ඒ අතරින් හොදම ඒවා තීරනය කරන එක ටිකක් අමාරු වැඩක්, කොහොම හරි games අති විශාල ගානකින් හොදම games 10ක් ගැන විස්තර අද ඔයාලට ගෙනල්ලා තියනවා.

Game එකක් survival game එකක් විදියට වර්ග කෙරෙන්නේ අපිව(player) මැරෙන්නේ නැතිව තබා ගැනීමට හැකි අංග තිබීමෙනි. එනම් බඩගින්න, පිපාසය, health එක වාගේ basic needs ගන්න පුලුවන්. ගොඩක් survival games වල story එකක් නැති වුනත් quests වලින් සම්බන්ධ open sandbox games ගොඩක් දැක ගන්නට පුලුවන්.

ඒ වගේම, එකම survival loop එකේ යන් නැතුව සමහර games, zombie characters add කිරීමෙන් game එකේ පැවැත්ම වැඩි කිරීමට හැකි වෙලා තියනවා. zombie survival games ටිකකුත් list එකට add කරලා තියනවා.



minecraft

Minecraft

Survival games ගැන කතා කරද්දි මුලින්ම අපේ ඔලුවට එන්නේ Minecraft. Minecraft 2011දී නිකුත් කරලා තියනවා. ඒ වගේම Tetris ට පිටු පසින් දෙවනුව වැඩියෙන්ම අලෙවි වන video game එක වන අතර 2023 අග භාගය වෙනකොට පිටපත් මිලියන 300 කට වඩා අලෙවි විය. players ලට කැමති දෙයක් කිරීමට හැකි sandbox mode එක ජනප්‍රිය වුනේද Minecraft හරහායි. ඒ වගේම spin off ගණනාවක් Minecraft franchise එක සතුයි.

Minecraft Trailer



Rust

Rust

2013 Rust released වෙනකොට survival games කිහිපයක් market එකේ දක්නට ලැබුනි. Simple weapon එකක් හදාගන්නත් rust එකේ පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා. අනිත් players ලගේ base raid කරන්න දූපත් වලට සටන් කරන්න වගේ ගොඩක් දේවල් මේ game එකේ කරන්න පුලුවන්. මුලින් build up වෙන්න ටිකක් අමාරුයි මොකද පරන players ලා ගොඩක් තාමත් rust play කරන හින්දා හැබැයි සුපිරි game එකක් try කරලා බලන්න.

Rust Trailer



Raft

Raft

Raft කියන්නේ වතුරෙන් වට වුනු ලෝකෙක survive වෙන්න තියෙන්නේ. ඔයාලා Waterworld (1995) බලලා තියනවා නන් raft එකත් අන්න ඒ වගේ. මුහුදේ තියන resources සහ වතුරෙන් යට වෙලා නැති තැන් explorer කරලා ජීවත් වෙන්න තමා තියෙන්නේ. ඒ වගේම raft එකට story එකකුත් තියනවා. sandbox එකට අමතරව story එක play කරන්නත් පුලුවන්.

Raft Trailer



subnautica

Subnautica

Raft එකට ටිකක් සමාන game එකක් මේකත් වතුරෙන් වටවුනු ලෝකෙක survive වෙන්න තියෙන්නේ. Game එකේ plot එක වෙන්නේ space එකේ තියන mothership එක පිටසක්වල ලෝකෙකට කඩා වැටෙන අතර තුර escape pod එකෙන් player escape වෙලා ඒ පිටසක්වල ලෝකෙටම වැටිලා survive වෙන එක.

ඔයාලා දැනටමත් Subnautica play කරලා තියනවා නන් ඊට වඩා ටිකක් update version එකක් වෙන Subnautica: Below Zero try කරලා බලන්න.

Subnautica Trailer



project-zomboid

Project Zomboid

Market එකට මුලින්ම ආපු Zombie Survival game එකක් විදියට project zomboid ගන්න පුලුවන්. හැබැයි අනිත් games වලට වඩා project zomboid ගොඩක් වෙනස් වුනා. මොකද මේක 2D Game එකක්. 2D වුනත් gamers ලා අතර ඉතාමත් ජනප්‍රිය game එකක් බවට project zomboid පත් වෙලා ඉවරයි. අනිත් game වල වගේම කෑම හොයාගන්න, base හදන්න වගේ හැම දෙයක්ම Project zomboid එකේ කරන්න පුලුවන් එකම වෙනස RPG type එකයි. ඒ වගේම ටිකක් complex.

Project Zomboid Trailer



palworld

Palworld

Palworld කියන්නේ මෑත කාලයේදී released කරපු ගොඩක් active players ලා හිටපු game එකක්. Pokemon game වල වගේ Palworld එකේ ඉන්න Pals ලා අල්ලලා ඒවගෙන් resources හදන්න base එකේ වැඩ කරවගන්න, ඒ වගේම Boss ලට විරුද්දව fight කරන්න වගේ දේවල් කරන්නත් පුලුවන්.

Palworld Trailer



planetcrafter

Planet Crafter

Space type එකේ games වලට කැමති අයට Planet crafter recommend කරන්න පුලුවන්. ජීවත් වෙන්න නුසුදුසු ග්‍රහලෝකයක් නැවත ජීවත් වෙන්න පුලුවන් තත්වෙට පත් කරන එක තමා Main ම quest එක. ඒ වගේම story එකකුත් බලාගන්නට පුලුවන්. මුලින් ටිකක් අමාරු වුනත් play කරන් යනකොට අලුත් දේවල් unlock වෙනකොට මුලදි තරන් අමාරුවක් දෙනෙන්නේ නැහැ. ඒ වගේම playersලා upto 10 play කරන්න පුලුවන් හින්දා ඔයාගේ යලුවොත් එක්ක ලේසියෙන් play කරන්න පුලුවන්.

Planet Crafter Trailer



Valheim

Valheim

කාලෙකට සැරයක් gaming industry එකට කුණාටුවක් එනවා වගේ release වෙච්ච game එකක් තමයි 2021 released වුන Valheim කියන්නේ. Release day එකට දවස් 19 කට පස්සේ active players ලා 500,000කට අධික ප්‍රමානයක් valheim play කරලා තියෙනවා. වෙනස්ම විදියේ graphics සමග Norse mythologyය සමග මිශ්‍ර වුන game එක gamersලා ඇදබැද තාබා ගැනීමට හැකි විය. තවමත් early access game එකක් වන valheim සම්පූර්ණ game එක release කර නොමැත.

Valheim Trailer



Sons of the forest

Sons of the Forest

අවුරුදු ගණනාවක් පුරා survival games හි ප්‍රධාන අංගයක් වුන The Forest හි sequel එක විදියට Sons of the Forest game එක ගන්න පුලුවන්. The Forest තවමත් gamers ලගේ ගෞරවයට ලක් වුවද Sons of the Forest සියල්ලගේම ප්‍රියතම game එක වෙලා තියනවා. Game එක ගත්තොත් Forest එකේ වගේම පාලු දූපතක survive වෙන්න සිදු වෙනවා. ඒ අතර තුර cave explorer කරන්න, දූපත් explorer කරන්න වගේ දේවල් කරන්න සිද්ද වෙනවා. උදව්වට Kelvin කියලා character එකක් සිටින අතර සහ වෙනත් characters island එක explorer කරන අතරතුර සොයා ගැනීමට හැකිවේ.

Sons of the Forest Trailer



conan exiles

Conan Exiles

Conan Exiles කියන්නේ Conan Barbarian ගේ කාල වකවානුවට සම්බන්ද multiplayer game එකක්. ඒ වගේම open sandbox game එකක්. survive වෙන්න සටන් ක්‍රම හෝ මන්ත්‍ර ගුරුකම් භාවිතා කිරීමට සිදුවේ. Multiplayer game එකක් නිසා අනිත් players ලා සමග team up වෙලා play කිරීමට හැකිවේ. Conan Exiles හි Map එක තරමක් විශාල වන අතර එහි නගර සහ dungeons වැනි තවත් දේවල් දක්නට ලැබේ.

Conan Exiles Trailer

By SANA

WhatsApp