අපි අද කතා කරමු ලෝකෙ වැඩිම පිරිසක් සල්ලි දීලා ගත්ත ගේම් එක, ඒ කියන්නේ Minecraft ගැන. මේක හැදුණේ කොහොමද? මේක පිටුපස ඉන්න අමුතුම චරිතය කවුද? අපි ඒ ගැන විස්තරේ බලමු.
2009 වසරේ ස්වීඩනයේ හිටපු Markus Persson, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න Notch, තමන්ගේ විවේක කාලයේදී නිකන් විනෝදෙට වගේ පොඩි coding ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. මුලින්ම මේ ගේම් එකේ නම වුණේ "RubyDung". ඒ කාලේ ඒකේ තිබුණේ ගස්, තණකොළයි, ගල් කෑලි කිහිපයකුයි විතරයි.
Notch ඒ කාලේ වැඩ කළේ "Candy Crush" හදන සමාගමේ. හැබැයි එතන අය එයාගේ මේ වැඩේට කැමති වුණේ නැහැ. ඒ නිසා එයා ඒ රස්සාවෙන් අයින් වෙලා තමන්ගේම ගේම් එකක් හදන්න පටන් ගත්තා.
2009 අප්‍රේල් මාසයේදී Notch දැක්කා "Infiniminer" කියලා ගේම් එකක්. මිනිස්සු ඒකේ බ්ලොක් (Blocks) එකතු කරලා දේවල් හදනවා දැක්කම එයාට හිතුණා "ඇයි මට බැරි මගේ RubyDung එකත් මේ වගේ කරන්න?" කියලා.
එයා ඒකට මුලින්ම "Cave Game" කියලා නම දාලා, පස්සේ "Minecraft" කියලා නම වෙනස් කළා. 2009 මැයි 17 වෙනිදා තමයි මේකේ පලවෙනි version එක internet එකට දැම්මේ.
Minecraft කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම්, ගේම් එක සම්පූර්ණයෙන් හදලා ඉවර වෙන්නත් කලින්ම මිනිස්සු මේක සල්ලි දීලා ගන්න පටන් ගත්තා.
2014 වෙද්දී Minecraft ලෝකෙම ජනප්‍රියයි. හැබැයි ඒත් එක්කම Notch ට ලොකු පීඩනයක් ආවා. ගේම් එකේ ප්‍රශ්න ගැන මිනිස්සු එයාට බනින්න පටන් ගත්තා. මේකෙන් එපා වුණු Notch, එක Twitter(X) post එකක් දැම්මා "කවුරුහරි මගේ සමාගම ගන්නවාද?" කියලා.
විනාඩි ගානක් යන්න කලින් ලොකු කොම්පැනිවලින් කෝල් එන්න පටන් ගත්තා. අන්තිමට Microsoft සමාගම ඩොලර් බිලියන 2.5 කට Minecraft මිලදී ගත්තා. Notch එක රැයකින් බිලියනපතියෙක් වුණා!
බිලියනපතියෙක් වුණාට පස්සේ Notch ලොකු මන්දිරයක් අරන් සැපට හිටියත්, එයා සමාජ මාධ්‍ය හරහා කරපු සමහර වැරදි ප්‍රකාශ (Racist comments) නිසා Microsoft එක එයාගෙන් ඈත් වුණා. අන්තිමට ගේම් එකෙන් එයාගේ නම පවා අයින් කළා.
අද Minecraft කියන්නේ ලෝකේ සාර්ථකම ගේම් එක වුණාට, ඒක හදපු මනුස්සයාට අද තියෙන්නේ හරිම තනිකඩ, ඒ වගේම මතභේදාත්මක ජීවිතයක්.
ඔයාලත් Minecraft Play කරනවාද? ඔයාලා ගේම් එක ගෑන මොකද හිතන්නේ කියලා පහළින් comment කරන්න!
💬 Comments