අද අපි කතා කරන්න යන්නේ මෑත කාලයේ ගේමින් ලෝකයේ ලොකුම පෙරළියක් කරපු, challenges වලට ආස කරන ගේමර්ස්ලා අතර පට්ටම ජනප්‍රිය ගේම් එකක් ගැන. ඒ තමයි Elden Ring. ඔයා "Game of Thrones" වලට ආස නම්, මේකේ ස්ටෝරි එක ලියන්න දායක වුණේ ඒක ලියපු George R.R. Martin (Wiki) ම තමයි. ඉතින් හිතාගන්න පුළුවන්නේ මේකේ ස්ටෝරි එක කොච්චර deep ඇද්ද කියලා.
කතාව සිද්ධ වෙන්නේ "The Lands Between" කියන හරිම අද්භූත සහ අලංකාර ලෝකයක. මේ ලෝකයේ තිබුණු ශක්තිමත්ම වස්තුව, ඒ කියන්නේ Elden Ring එක විනාශ වෙලා යනවා. ඉතින් මේ ලෝකයේ පාලනය අල්ලගන්න විවිධ දෙවිවරු සහ පාලකයෝ සටන් කරන්න පටන් ගන්නවා.
ඔයා මේ ගේම් එක start කරන්නේ "Tarnished" කෙනෙක් විදිහට. ඔයාගේ ප්‍රධානම ඉලක්කය තමයි මේ Lands Between හරහා ගිහින්, අර විසිරිලා ගිය Elden Ring එකේ කොටස් එකතු කරලා, අවසානයේදී "Elden Lord" කෙනෙක් වෙන එක.
අති දැවැන්ත Open World එක: මේකේ තියෙන ලෝකය මාරම ලස්සනයි වගේම හරිම භයානකයි. ඔයාට කිසිම සීමාවක් නැතුව ඕනෑම තැනක ඇවිදින්න, අලුත් රහස් හොයාගන්න පුළුවන්. හැම අස්සක මුල්ලකම මොකක් හරි අලුත් දෙයක් හැංගිලා තියෙනවා.
පට්ටම අමාරු Boss Fights: Elden Ring කියන්නේ ලේසි ගේම් එකක් නෙවෙයි. එක එක විදියේ අමුතුම පෙනුමක් තියෙන Boss ලා එක්ක සටන් කරද්දී ඔයාට දහස් වතාවක් මැරෙන්න සිද්ධ වෙයි. හැබැයි ඒ අමාරු Boss කෙනෙක්ව පරාජය කරාම දැනෙන සතුට වෙන කිසිම ගේම් එකකින් ගන්න බැහැ. "Malenia" ව එහෙම පරාද කරාම එන සතුට අමුතුවෙන් කියන්න ඕනා නෑනේ
Build Freedom: ඔයාට කැමති විදිහට ඔයාගේ චරිතය හදාගන්න පුළුවන්. Powerful Sword එකක් පාවිච්චි කරන Warrior (Melee-Focused) කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් මන්තර ගුරුකම් (Magic) පාවිච්චි කරන Wizard/Sorcerer (Magic-Focused) කෙනෙක් වෙන්නත් පුළුවන්.
Elden Ring කියන්නේ අතින් අල්ලලා පාර පෙන්වන්නේ නැති ගේම් එකක්. හැමදේම ඔයාටම ඉගෙන ගන්න වෙනවා. ඒක නිසා මේක ටිකක් අමාරු වුණත්, ඒකේ තියෙන නිදහස සහ අභියෝගය නිසා මේක ලෝකයේ හොඳම ගේම්ස් අතරට එකතු වෙලා තියෙනවා.
ඔයා ලෑස්තිද Lands Between ලෝකයට ගිහින් Elden Lord කෙනෙක් වෙන්න? එහෙනම් අදම මේ ගමන පටන් ගන්න. ඔයා මේ game එකේ ගොඩක්ම කැමති මොකටද කියලා අනිත් අයටත් දැනගන්න comment එකක් දාන්න අමතක කරන්නත් එපා.
Buy Elden Ring
💬 Comments