ඔන්න අද අපි කතා කරන්න යන්නේ fantasy සහ romance යන categories අයත් ලෝකේ පුරාම මිලියන ගණනක් මිනිස්සුන්ගේ ඇස්වලට කඳුළු ගෙනාපු, ඒ වගේම අපිව වෙනම ලෝකෙකට ගෙනියපු 2016 දී released වුන Japanese movie එකක් ගැන. ඒ තමයි Makoto Shinkai විසින් අද්‍යක්ෂ කර Your Name කියන anime movie එක. මේකට IMDb 8.4/10ක අගයක් ලැබිල තියනවා. ඔයා ඇනිමේ බලන කෙනෙක් වුණත් නැතත්, මේක නම් ජීවිතේට එක පාරක් හරි අනිවාර්යයෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්.
කතාව පටන් ගන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් පරිසර දෙකක ජීවත් වෙන පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් වටා.
මේ දෙන්නා කවදාවත් මුණගැහිලා නැහැ. හැබැයි එක දවසක් මෙයාලා ඇහැරෙද්දී හිතාගන්න බැරි දෙයක් වෙනවා. ඒ තමයි මේ දෙන්නාගේ ශරීර මාරු වෙන එක! ටාකි ඇහැරෙන්නේ මිට්සුහාගේ ඇඟ ඇතුළේ, මිට්සුහා ඇහැරෙන්නේ ටාකිගේ ඇඟ ඇතුළේ.
සතියකට දවස් කිහිපයක් මේ විදිහට ශරීර මාරු වෙද්දී, මෙයාලා එකිනෙකාට උදව් කරගන්න පටන් ගන්නවා. පෝස්ට්-ඉට් නෝට්ස් සහ phone එකේ මැසේජ් හරහා මෙයාලා අමුතුම විදිහේ බැඳීමක් ඇති කරගන්නවා. හැබැයි මේ හැමදේම ලස්සනට ගලාගෙන යද්දී, එකපාරටම මේ ශරීර මාරු වෙන එක නතර වෙනවා.
ටාකි උත්සාහ කරනවා මිට්සුහාව හොයාගෙන ඇගේ ගමට යන්න. හැබැයි එතනදී තමයි ඔහු දැනගන්නේ හිතාගන්නවත් බැරි, හදවත නතර වෙන විදිහේ අබිරහසක්. ඒ අබිරහස මොකක්ද කියලා මම කියන්නේ නැහැ, මොකද ඒක ඔයාලම බලලා අත්විඳින්න ඕන දෙයක්.
Your Name කියන්නේ නිකන්ම ආදර කතාවක් නෙවෙයි. ඒක දෛවය, කැපකිරීම සහ කවදාවත් අමතක නොවන මතකයන් ගැන කියවෙන අපූරු ගමනක්. ඔයාගේ හිතේ තියෙන පාලු ගතිය මකලා, හිතට ලොකු බලාපොරොත්තුවක් පුරවන්න මේ චිත්‍රපටයට පුළුවන්.
ඉතින්, ඔයා තාමත් ටාකි සහ මිට්සුහාගේ මේ ලස්සන ලෝකයට ගියේ නැත්නම්, අදම "Your Name" බලන්න.