Motion Picture Mafia Studio

Ad 1
🌙 ☀️

අම්මාව බේරගන්න අතීතයට ගිය සතෝරුගේ කතාව

erased
🎧 Listen to this article
0:00 / 0:00
Tip: You can seek using the slider and change speed using the dropdown.

අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ හිතට මාරම විදිහට දැනෙන, ඒ වගේම හැම තත්පරයකම කුතුහලය පිරුණු ඇනිමේ එකක් ගැන. ඒ තමයි Erased. ඔයා Mystery, Time Travel සහ හදවතට දැනෙන කතාවලට ආස නම්, මේක අනිවාර්යයෙන්ම ඔයා බලන්න ඕන මාස්ටර්පීස් එකක්. මේකට IMDb 8.4/10ක අගයක් ලැබිලා තියනවා. මේ anime එක Fuji Tv නාලිකාව ඔස්සේ 2016 ජනවාරී 08 සිට 2016 මාර්තු 25 දක්වා කොටස් 12 කින් විකාශය වුණා. මේක Sci-Fi, Fantasy, Drama, Mystery, Suspense සහ Thriller කියන category වලට අයත් වෙනවා. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yûichirô Hirakawa විසින්.

මොකක්ද මේ "Erased" වල වෙන්නේ?

කතාවේ ප්‍රධාන චරිතය තමයි සතෝරු (Satoru Fujinuma). මෙයා අවුරුදු 29ක, එච්චර සාර්ථක නැති මංගා (Manga) ශිල්පියෙක්. හැබැයි සතෝරුට තියෙනවා අමුතුම බලයක්. ඒකට එයා කියන්නේ "Revival" කියලා.

යම්කිසි අනතුරක් වෙන්න යද්දී, දීප්තිමත් නිල් දිලිසෙන සමනලයෙකු දැකීමෙන් සතෝරුගේ කාලය නිකන්ම විනාඩි කිහිපයක් පස්සට යනවා. ඒ හින්දා එයාට පුළුවන් වෙනවා ඒ අනතුර නවත්තන්න. හැබැයි දවසක් හිතාගන්න බැරි විදිහට සතෝරුගේ අම්මව කවුරුහරි මරලා දානවා. ඒ වෙලාවේ මේ "Revival" බලය නිසා සතෝරු විනාඩි කිහිපයක් නෙවෙයි, අවුරුදු 18ක්ම අතීතයට යනවා!

1988 - ළමා කාලයට නැවතත්

සතෝරුට ආයෙත් එයාගේ ළමා කාලයට යන්න ලැබෙන්නේ එයාට වයස අවුරුදු 11ක් වෙද්දී. එයා තේරුම් ගන්නවා තමන්ගේ අම්මගේ මරණයට හේතුව 1988 කාලේ වෙච්ච ළමා පැහැරගැනීම් මාලාවක් එක්ක සම්බන්ධයි කියලා.

විශේෂයෙන්ම සතෝරුගේ පන්තියේ හිටපු, හරිම හුදකලා කෙල්ලෙක් වුණු කායෝ හිනාසුකි (Kayo Hinazuki) ඒ කාලේ මරලා දානවා. ඉතින් සතෝරු මේ පාර උත්සාහ කරන්නේ අනාගතය වෙනස් කරන්න නම් අතීතයේදී කායෝව බේරගන්න ඕන කියන එකයි.

ඇයි මේ ඇනිමේ එක මෙච්චර Special?

අවසාන වශයෙන්...

"Erased" කියන්නේ අපි කරන පුංචි තීරණයකින් මුළු අනාගතයම වෙනස් වෙන්න පුළුවන් කියන එක පෙන්නලා දෙන ලස්සන කතාවක්. තමන්ගේ අම්මව බේරගන්නත්, තමන්ගේ යාළුවොන්ව ආරක්ෂා කරන්නත් සතෝරු කරන සටන ඔයාව අනිවාර්යයෙන්ම පුදුම කරනවා.

ඉතින්, ඔයාටත් පුළුවන් නම් අතීතයට ගිහින් එක දෙයක් වෙනස් කරන්න, ඔයා මොකක්ද වෙනස් කරන්නේ? ඒ ගැනත් හිතන ගමන් අදම මේ "Erased" ඇනිමේ එක බලලා නැත්නන් අනිවාරෙන්ම බලන්න!

By SANA

Voice Oshi

Erased Trailer

WhatsApp